Local

අගමැතිගෙන් පුස්තකාලයාධිපතිවරුන්ට ඇගයීමක්

Wednesday, 30 October 2024 - 11:30 am

“පුස්තකාල සේවා නවීකරණය සඳහා කෘත්‍රිම බුද්ධියේ පැමිණීම – අභියෝග සහ අවස්ථා” යන තේමාව යටතේ ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණයක් අද කොළඹදී පවත්වා තිබෙනවා.

පුස්තකාලයාධිපතිවරුන්, පර්යේෂකයන් සහ නවෝත්පාදකයින් පිරිසක් සහභාගී වූ මෙම සමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගීවී ඇති බව සඳහන්.

එහිදී අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියේ මෙම පිරිස පුස්තකාලාධිපතිවරුන් පමණක්ම නොවන බවත් දැනුම් සම්භාරයක භාරකරුවන් සහ ආරක්ෂකයින් මෙන්ම ඩිජිටල්කරණය වන අනාගතයේ මෙහෙයුම්කරුවන් පිරිසක්ද වන බවයි.

එසේම ඩිජිටල් ප්‍රවේශය ප්‍රගමනය කිරීමේදී පුස්තකාල සහ පුස්තකාලයාධිපතිවරුන්ගේ ප්‍රධාන කාර්යභාරය පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කර සිටියා.

දැනුම සඳහා ප්‍රවේශය ප්‍රජාතන්ත්‍රීකරණය කිරීම සහ සීමා සහිත සම්පත් සහ සැකසුම් තුළ ධාරිතාව ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ පුස්තකාල සේවා නවීකරණය කිරීමට කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේ හැකියාව මෙම සම්මන්ත්‍රණයේදී ගවේෂණය කර ඇති බව සඳහන්.

දැනුම පරතරය අවම කිරීම සහ රට පුරා නවෝත්පාදනයන් පෝෂණය කිරීම සඳහා උත්ප්‍රේරකයක් ලෙස පුස්තකාලයාධිපතිවරුන්ට සහාය වීමට තම රජය කැපවී සිටින බව පැවසූ අග්‍රාමාත්‍යවරිය ඩිජිටල් පරිවර්තනය සඳහා වන අපේක්ෂාවන් පිළිබඳව ද වැඩිදුරටත් ඉස්මතු කර සිටියා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT