Local

ඉන්දීය ධීවරයින් 4ක් අත්අඩංගුවට

Sunday, 04 August 2024 - 10:51 am

මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. 

නාවික හමුදාව, වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව සමඟ යාපනය, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාවේ සිදුකළ විශේෂ මෙහෙයුමක දී එම ධීවරයින් සහ යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනා කන්කසන්තුරය වරාය වෙත රැගෙනවිත් ඇති අතර ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා මයිලඩි ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

මේ අතර රුපියල් මිලියන 70 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු  කිලිනොච්චිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

කිලිනොච්චිය, ඉරමතිව් මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා රැගත් ඩිංගි යාත්‍රාව සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

ඩිංගි යාත්‍රාවේ තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 176කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.       

ඩිංගි යාත්‍රාව තුළ පාර්සල් 86 අසුරන ලද කේරළ ගංජා කිලෝ 176 ග්‍රෑම් 350ක පමණ තොගයක් මෙලෙස සොයාගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

සැකකරුවන් අවුරුදු 22 ත් 35 ත් අතර වයස්වල පසුවන මන්නාරම සහ වලෙයිපාඩු යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා ජයපුරම් පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.


Top Stories
wedivistara

රන් මිල පහළට

wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

කෙහෙළියගේ දියණිය බන්ධනාගාර භාරයෙන් මුදා හැරේ

wedivistara

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

හදිසි පරික්ෂාවකින් පසු, ධාවනයට නුසුදුසු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

Trending
wedivistara

ඊශ්‍රායලයේ සිටින ඥාතීන් ගැන තොරතුරු විමසීම ගැන දැනුම්දීමක්

wedivistara

IMF නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව අද දිවයිනට

wedivistara

තමිල්නාඩු - කන්කසන්තුරේ මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතී

wedivistara

ප්‍රංශ තානාපති ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

wedivistara

ඊශ්‍රායලය සහ ඉරානය අතර ඉක්මනින් සාමය ඇති කරගනු ඇති බව අමරිකානු ජනාධිපති ට්‍රම්ප් කියයි

wedivistara

ඉරාන ඇමරිකා හෙට සාකච්ඡාව ගැන තවමත් අවසන් තීරණයක් නැහැ


NEWS ALERT