Local

ග්‍රාමීය දිළිඳුබව තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම අරමුණ බව ජනපති කියයි

Thursday, 31 October 2024 - 6:51 pm

වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යය වනුයේ ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඉදිරි පාර්ලිමේන්තුවේ කිසිදු අමාත්‍යවරයෙකුට කොළඹින් නිවාස ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකරන බවය.

ජනතාවට සේවය කිරීම සදහා අමාත්‍යවරුන් ඔවුන්ට සමීප විය යුතු බව මාතර ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය.

'මෙරට ගොඩනැගීම සඳහා කාර්යභාරය පුරුකක් බවට පරිවර්ථනය කරන කැබිනට් මණ්ඩලයක් සහ ආණ්ඩුවක් තමා නොවැම්බර් 14 වෙනිදායින් පස්සේ ගොඩනැගෙන්නේ. එදිනෙදා දිස්ත්‍රික්කයේ ජනතාවගේ ගැටලුවලට පිළියම් ලබාදීම සඳහා ජනතාවට සමීප ජනතා නායකයින් ගොඩනැගීමට අවශ්‍යයි. ජනතාවගෙන් ඈත්වුණ නායකයින් නොවෙයි. ජන්දෙ අරන් කොළඹ ඉන්න නායකයෝ නෙමෙයි. ඒ නිසා තමයි කිසිම ඇමතිවරයෙකුට කොළඹින් ගෙවල් නෑ. ආණ්ඩුවෙන් දෙන්නේ නෑ. ගමට එන්න ඕනේ. ගමේ ප්‍රශ්න ටික බලන්න ඕනේ. ජනතාව එකතු කරගෙන මේ වැඩේ කරන්න ඕනේ. ලංකාවේ මෙහෙම ආණ්ඩු හැදිලා නෑ. අපේ ප්‍රමුඛතම කාර්ය ග්‍රාමීය දුප්පත්භාවය තුරන් කරන ආණ්ඩුව තමා ජාතික ජන බලවේග ආණ්ඩුව.' 

මේ අතර කැස්බෑව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සදහන් කළේ ඉදිරි පාර්ලිමේන්තුවට ප්‍රතිපත්ති ගරුක පිරිසක් තෝරා පත් කරගත යුතු බවය.  


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT