Local

අවලෝකිතේශ්වරගේ අගසව් සැරයන් ඇතුළු 10කගෙන් ප්‍රශ්න කරයි

Thursday, 18 January 2024 - 3:18 pm

ඒ අතර හිටපු CID ලොක්කකුගේ බිරියකුත්

ඇගේ ගිණුමට යුරෝපා රටකින් මුදල් එවලා

අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් ලෙස තමාව හඳුන්වා දෙමින් බුදු දහම විකෘති කරමින් දේශන පවත්වමින් බෞද්ධ ජනතාව අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කරමින් සිටි මහින්ද කොඩිතුවක්කු නමැති පුද්ගලයාගේ අගසව්වරයකු ලෙස කටයුතු කළ පොලිස් සැරයන්වරයකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකුගේ බිරියක් ඇතුළු ඔහුගේ සමීපතමයන් 10 දෙනකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රශ්න කරනු ලැබීය. පොලිස් නිලධාරියා අම්පාර පොලිස් කොට්ඨාසයේ සේවයේ නිරතව සිටින පුණ්‍යසෝම දිසානායක නමැති සැරයන්වරයෙකි.

මහින්ද කොඩිතුවක්කු නමැත්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය 15 වැනිදා අත්අඩංගුවට ගන්නා විට ඔහු රැඳී සිටි කැස්බෑවේ පිහිටි නිවෙස කුලියට ගැනීමට මුදල් දී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයකුගේ බිරියක් විසිනි. ඇගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර තිබේ. එහිදී අනාවරණය වී ඇත්තේ ඇගේ බැංකු ගිණුමට යුරෝපීය රටකින් මුදල් බැරවී ඇති බවත් එම මුදල් ඇය විසින් නිවෙස කුලියට ගැනීමට දී තිබෙන බවත්ය.

මෙම පුද්ගලයා වෙනුවෙන් යුරෝපීය රටකින් මුදල් ලැබෙන බැවින් එම මුදල්වලට වහවැටී විවිධ පුද්ගලයන් ඔහුට සමීප වීමට ලොකු තරගයක් තිබී ඇති බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

මෙම පුද්ගලයාගේ අගසව්වරයකු බව කියන වෛද්‍යවරයකු ගැනද විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය. එම අගසව් වෛද්‍යවරයාගෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

මෙම පුද්ගලයාගේ අනුගාමිකයන් 5000ක් හෝ ඒ ආසන්න ප්‍රමාණයක් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බවත් එම තක්සේරුව කරනු ලබන්නේ ඔහුගේ සමාජ මාධ්‍ය ජාල අධ්‍යයනයෙන් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ත්‍රිරෝද රථයක නැඟී ගමන් කරමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා පෙරේදා (16) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT