Local

සැබෑ වරදකරුවන් සොයනවා… – මේ හදන්නේ ඇත්ත යට ගහන්නයි

Tuesday, 22 October 2024 - 10:36 am

පෙරළන බාල්දිවලට පැටලෙන්නෙත් නැහැ
ජනපති කියයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන විට මෙතෙක් කාලයක් කෝමා සිටි අය දැන් අවදි වී සිටින බවත් ඔවුන් පෙරළන බාල්දිවල ජාතික ජන බලවේගය පැටලෙන්නේ නැති බවත් බාල්දි පෙරළන අයටද ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෙරේදා (20) කටුනායකදී පැවති මහ මැතිවරණයේ ප්‍රචාරක රැළිය අමතමිනි.

පාස්කු පරීක්ෂණය විධිමත්ව ක්‍රියාත්මක වෙද්දී පරීක්ෂණය අඩපණ කිරීම සඳහා වගඋත්තරකරුවන් සැඟවීම සඳහා නැවත කුමන්ත්‍රණකරුවන් එළියට පැමිණ තිබෙන නමුත් ඔවුන්ට ඉඩ නොදෙන බවට තමන් ජනතාවට සහතිකයක් ලබාදෙන බව ජනාධිපතිවරයා කියා සිටියේය. රනිල් වික්‍රමසිංහට ද වුවමනාව තිබුණේ මේ පරීක්ෂණ ඇත්ත දිශාවට යොමුකිරීම නොව යටපත් කිරීම බවත් ඒ වුවමනා වෙනුවෙන් ඇතැම් කමිටු නිර්මාණය කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

“අපිට හම්බුණේ පොලිස්පතිවරයෙක් නැති පොලිසියක්. අපි ඉතාම වැදගත් මහත්මයෙක් පොලිස්පති හැටියට පත්කර තිබෙනවා. අපි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කරන කොට ඉතාමත් කීර්තිමත් ඉතිහාසයක් තියෙන මහත්මයෙක් පත්කරල තියෙනවා. අපේ රටේ පරීක්ෂණ මෙහෙයවීම සඳහා අත්දැකීම් තියෙන අය නැවත බඳවා ගෙන තියෙනවා. ඒ කියන්නේ අපි මේ වැළලී ගිය පරීක්ෂණ විධිමත්ව ඉටුකිරීම සඳහා අවශ්‍ය ආයතන පද්ධතිය සක්‍රීය කරලා තිබෙනවා.

දැන් කට්ටිය කලබල වෙලා. 2019 පාස්කු ප්‍රහාරයෙන් බලය ගන්න පාස්කු ප්‍රහාරය මතුර මතුර ගිය අය, 2019 ජාතිවාදය වපුරලා, කුරුණෑගල මහ රෝහලේ ගර්භාෂ යුද්ධයක් තියෙනවා කියල ජාතිවාදය වපුරපු අය අවුරුදු පහකට පස්සේ නැවත කෝමා තත්ත්වයෙන් අවදි වෙලා දැන් අර වාර්තාව දෙන්න මේ වාර්තාව දෙන්න කියනවා. ඒ වාර්තා දෙකම රනිල් වික්‍රමසිංහගේ වාර්තා. එකක් රනිල් වික්‍රමසිංහ චැනල් 4 නාලිකාවේ ගිය වීඩියෝ එක ගැන සොයන්න කමිටුවක් පත් කළා. එය කිසිසේත්ම විමර්ශන කමිටුවක් නෙවෙයි. පත්කරලා වාර්තාවක් දීලා තිබෙනවා. දෙවෙනි එක පාස්කු ප්‍රහාරයේදී ආරක්ෂක අංශවලින් යම් වැරද්දක් සිදු වුණාද කියන්න විමසා බලන්න තව කමිටුවක් පත් කළා. ඒ දෙකම විමර්ශන කමිටු නෙවෙයි. ඒ කමිටු දෙක විසින් වාර්තා ලබාදී තිබෙනවා. ඒ වාර්තා ලබාදුන්නේ රනිල් වික්‍රමසිංහ පාලනයට. මම එනකොට හිටපු ජනාධිපති ලේකම්වරයාට කතා කරලා ඒ වාර්තාවලට කුමක්ද සිදුවුණේ කියල ඇහුවා. ඔවුන් මට කිව්වා එහි එක් වාර්තාවක් නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකරලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට යොමුකරලා තියෙනවා. අනිත් වර්තාව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාට යොමුකරලා තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකරල තියෙනවා. අගරදගුරු මණ්ඩලයේ ලේකම්තුමාට රදගුරු මණ්ඩලය වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙනවා කියල. ඒ වාර්තා කිසිවක් රහස් වාර්තා නෙවෙයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT