Local

ජෝර්දාන ඇඟලුම් කම්හල් දෙකක අසරණව සිටි ශ්‍රී ලාංකිකයෝ 66ක් මෙරට එති

Saturday, 10 February 2024 - 7:48 am

ජෝර්දානයේ ඇඟලුම් කම්හල් දෙකක ආයෝජකයන් එහි සේවකයන්ට නොදන්වා අතුරුදන්වීම නිසා ඒ කම්හල්වල අසරණ වී සිටි සේවක සේවිකාවන් 66 දෙනෙකු ඊයේ (09) අලුයම, තමන්ට හිමි සියලු වරප්‍රසාද ලබාගෙන කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.

ජෝර්දානයේ අසිල් සහ හයි ඇපරල් නමැති මේ කර්මාන්තශාලා පවත්වාගෙන ගිය ඉන්දීය ජාතික ආයෝජකයන් කිසිවකුටත් නොදන්වා පලායෑම නිසා එහි සේවය කළ ශ්‍රී ලාංකික, බංග්ලාදේශ, ඉන්දීය සහ නේපාල ජාතික සේවකයන් වැටුප්, ආහාරපාන, ජලය, විදුලිය නැතිව අසරණ වී තිබේ.

එහිදී මේ කර්මාන්තශාලාවලින් ජැකට් සහ ටී ෂර්ට් මිලදී ගත් අමෙරිකානු ජාතික ව්‍යාපාරිකයකු මේ කර්මාන්තශාලා සේවකයන්ට අවශ්‍ය පහසුකම් සලසා දෙමින් එම සේවකයන්ට තම මව්රට බලා යන තෙක් උදව් උපකාර කර තිබේ.

මේ කර්මාන්තශාලාවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මැදිහත් වී විශේෂඥ නීතිඥ සහාය දෙමින් ජෝර්දාන කම්කරු දෙපාර්තමේන්තුව සමඟ එකඟතා ඇති කර ගනිමින් කටයුතු කර තිබේ. ඒ අනුව මේ ශ්‍රී ලාංකික සේවකයන්ට ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ප්‍රවේශ පත්‍ර, හිඟ වැටුප්, නිවාඩු සඳහා ගෙවන වැටුප්, සමාජ ආරක්ෂණ දායක මුදල් මෙන්ම වීසා නැතිව එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් ගෙවිය යුතු දඩ මුදල් කපා හැරීම ඇතුළු සියලුම වරප්‍රසාද හිමි වී තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ මාතර බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි සුනේත්‍රා පත්මිණී මහත්මිය මෙසේ පැවසුවාය.

Òහිටි හැටියේම අපේ කර්මාන්තශාලාවේ අයිතිකරු අපට නොදන්වා අතුරුදන් වුණා. කොහේ ගියාද කියලා අපට හොයා ගන්න බැරි වුණා. එයාගෙ ෆෝන් එක ආන්සර් කළේ නැහැ. මම ඒ ෆැක්ටරියේ කාර්යාලයේ වැඩ කළේ. අපට මාස 09ක් විතර පඩි ලැබුණේ නැහැ. අපේ ළමයි ස්ට්‍රයික් කළා. පාරට ඇවිත් උද්ඝෝෂණය කළා. අපට ජෝර්දාන පොලිසිය ගැහුවාÓයැයි ද පැවසුවාය.

මේ පිරිස අතර සිටි පාණදුර අජිත් පුෂ්පකුමාර මහතා මෙසේ පැවසීය.

Òඅපට අවුරුද්දක් විතර කන්න නැහැ. වතුර නැහැ. මේ කාලයේ ඒ රට හරිම ශීතලයි. අපි හුඟක් දුෂ්කරතාවලට ලක් වුණා. අපට ලංකාවට එන්න, කන්න බොන්න, වතුර, විදුලිය ලබා දී උදව් කළේ අමෙරිකානු බයර් කෙනෙක් යැයිÓ ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙසේ පැමිණි ශ්‍රී ලාංකිකයන් අතරින් 61 දෙනෙකු කුවේට් සිට ඊයේ (09) අලුයම 2.15ට පැමිණි ජසීරා ගුවන් සේවයේ ජේ. – 9553 දරන ගුවන් යානයෙන්ද, තවත් 05 දෙනෙකු දෝහා සිට අලුයම 2.55ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. – 662 දරන ගුවන් යානයෙන්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. එසේම ජෝර්දානයේ වසා දැමූ කර්මාන්තශාලාවේ සේවය කළ ඉතිරි ශ්‍රී ලාංකිකයන් පිරිස ද ඉදිරි දින දෙකේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවීමට එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පියවර ගනිමින් සිටිති.

මීට අමතරව ඩුබායි සිට එරට තානාපති කාර්යාලයේ රඳවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 17ක් අලුයම 5.00ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. – 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි.

මොවුන් සියලු දෙනා භාර ගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන්තොටුපොළ කළමනාකරු අමරා මුතුකුමාරණ මහත්මිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT