Local

මේ වසරේ පළමු මාස 9 තුළ අල්ලස් කොමිසමට පැමිණිලි 3,000ක්

Tuesday, 22 October 2024 - 10:03 am

මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත 3,000කට අධික පැමිණිලි සංඛ්‍යාවක් ලැබී තිබේ.

ජනවාරි මස පළමුවන දින සිට සැප්තැම්බර් මස 30 වන දින දක්වා කාලය තුළ පැමිණිලි 3,045ක් ලැබී ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

එම කාලය තුළ දිවයින පුරා වැටලීම් 81ක් සිදුකර ඇති අතර වැටලීම්වලදී පුද්ගලයින් 67 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර පොලිස් නිලධාරීන් 20 දෙනෙකු, ග්‍රාම නිලධාරීවරුන් තිදෙනෙකු, කාති විනිසුරුවරුන් තිදෙනෙකු, ආදායම් පරීක්ෂකවරු දෙදෙනෙකු ඇතුළු රාජ්‍ය නිලධාරීන් 45 දෙනෙකු සිටින බව සඳහන්ය.

ඊට අමතරව සිවිල් පුද්ගලයින් 22කු අදාළ වැටලීම්වල දී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ වසරේ ගතවූ පළමු මාස 9 තුළ පුද්ගලයින් 68 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර එම කාලය තුළ නඩු 56ක් අවසන් කිරීමට ද පියවර ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු 237ක් තවදුරටත් අධිකරණවල විභාග වෙමින් පවතින අතර විත්තිකරුවන් 19 දෙනෙකු මේ වසරේ ගතවූ කාලය තුළ වරදකරුවන් බවට පත්වී ඇති බව සඳහන්ය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT