Local

පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක් කැඳවීමට නියෝග

Wednesday, 22 January 2025 - 8:47 pm

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමක් විභාගය සඳහා මේ මස 24 වන දින කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාර්යප්පර් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා අවලංගු කිරීමේ අරමුණින් රජය විසින් මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවත් යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත කර තිබෙන ඇතැම් විධිවිධාන තුළින් ජනතාවගේ ඡන්ද අයිතියට බලපෑම් එල්ල වන බවත් මේ තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයවීමක් සිදුවන බවයි පෙත්සම්කරු සඳහන් කරන්කේ.

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT