Local

මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව මෙරට සංචාරයකට

Tuesday, 10 June 2025 - 12:36 pm

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ (FDMD) ආචාර්ය ගීතා ගෝපිනාත් එළඹෙන 15 සහ 16 යන දිනවල මෙරට සංචාරයක නිරත වීමට නියමිතයි. 

 
ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සේවය කරන පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු 2005 වසරෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි. 

මෙම සංචාරය අතරතුර, ආචාර්ය ගෝපිනාත් මුදල් අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ව සංවිධානය කරන “Sri Lanka’s Road to Recovery: Debt and Goveance” යන මැයෙන් පැවැත්වෙන සමුළුවේ ආරාධිතයා ලෙස කටයුතු කරනු ඇති. 
 
IMF සහාය දක්වන ප්‍රතිසංස්කරණ වැඩසටහනේ මැද භාගයේදී, සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ පාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අත්දැකීම්වලින් උගත් පාඩම් පිළිබිඹු කිරීම සහ ඉදිරි අභියෝග කෙරෙහි අවධානය යොමු කිරීම සමුළුවේ අරමුණයි. 
 
මීට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකාව, ශ්‍රී ලංකා බලධාරීන් සහ IMF හි ශ්‍රී ලංකාව සමඟ ඇති සම්බන්ධතාවය පිළිබඳව ප්‍රධාන පාර්ශවකරුවන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කෙරෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT