ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් ඩබ්.එච්.කේ.එස්. පීරිස් ශ්රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්රධානී ලෙස පත්කර තිබෙනවා.
දෙසැම්බර් මස 16 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි එම ධුරයේ රාජකාරි සඳහා ඒ මහතාව පත්කර ඇති බවයි සඳහන් වන්නේ.
2021 මැයි මස 07 වනදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ඔහු මෙම ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීමට ප්රථම ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ලෙස රාජකාරි සිදුකළා.