Local

ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අත්සන් තැබුවා

Thursday, 15 February 2024 - 8:49 pm

    • නාවික බහාලුම් ප්‍රවාහනය කිරීම 32%කින් ඉහළට – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා.

    ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අද (15) පෙරවරුවේ අත්සන් තැබුණු බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා  පැවසීය.

    මෙරට ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේදී සිදුවන ප්‍රමාදය වැළැක්වීම ද මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (15) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

    එමෙන්ම නාවික ක්ෂේත්‍රයේ ඇති බහාලුම් ප්‍රවාහනය කිරීමේ ප්‍රමාණය 32%කින් පමණ වර්ධනය වී අති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මෙසේ ද පැවසීය,

    ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් සේවා සම්මුතියකට අද පෙරවරුවේ අත්සන් තැබුණා. ඊශ්‍රායල ගමනාගමන අමාත්‍යවරිය සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය අතර අත්සන් කෙරුණු ගිවිසුමට අනුව දෙරට අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිතයි. ඒ සමඟ මගීන්ට අවශ්‍යතාව පහසුකම් සැපයීම අපගේ අරමුණයි.

    එසේම ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර පවතින සේවා ගිවිසුමට අනුව මෙරට ශ්‍රමිකයන් විදෙස් ගත කිරීමේ දී සිදුවන ප්‍රමාදය වැළැක්වීම ද මෙම ගිවිසුමේ ප්‍රධාන අරමුණක් වනවා. ඊශ්‍රායල ජාතිකයන් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අපේක්ෂාවෙන් සිටින බව ද ඊශ්‍රායල ගමනාගමන අමාත්‍යවරිය අප සමඟ සදහන් කළා.

    ඒ වගේම පලාලි ගුවන් තොටුපළ හරහා දිනපතා ඉන්දියාව දක්වා තවත් ගුවන් සේවාවක් ආරම්භ කිරීමට ඉන්ඩිගෝ ගුවන් සමාගම (Indigo Airlines) සමඟ සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. එමෙන්ම මත්තල ගුවන්තොටුපළ සම්බන්ධව අභිලාෂ කැඳවීමක් සිදු කළා. ඒ අනුව ටෙන්ඩර් මණ්ඩලය විසින් එක් ආයෝජකයෙකු තෝරාගෙන තිබෙනවා. එම ආයෝජකයා සමඟ වන සාකච්ඡා මේ වන විට අවසන් අදියරේ පවතින අතර ලබන සතියේ දී සම්මුතියකට එළඹීමට හැකිවනු ඇතියි. ඒ සමඟ එම ගුවන්තොටුපළ ද ලාභදායී තත්ත්වයට පත්කළ හැකි වනවා. එම ගිවිසුම රුසියානු සහ ඉන්දීය ඒකාබද්ධ පුද්ගලික ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිතයි.

    එමෙන්ම කටුනායක ගුවන් තොටුපළේ පවතින තදබදය වළක්වා ගැනීම සඳහා ප්‍රවේශ පත්‍ර කවුළු 31ක් සහ නව පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදිරිකිරීමට ද අභිලාෂ කැඳවීම් සිදුකර තිබෙනවා. ඒ සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 06ක් වනවා. ඒ අනුව එම ඉදිකිරීම් කටයුතු ඉදිරි සති දෙක තුළ ආරම්භ කිරීමට නියමිත අතර මාස 09ක් තුළ පවතින තදබදයට විසඳුම් ලබාදිය හැකි වනවා.

    ඒ වගේම ජයිකා ආයතනයේ සභාපතිවරයා ඊයේ දින (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සිදුකළ සාකච්ඡාවේදී දෙවැනි පර්යන්ත ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාදීමට ද එකඟතාව පළකළා.

    ඒ වගේම ශ්‍රී ලංකන් එයාර්ලයින් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අභිලාෂ ප්‍රකාශ කිරීමේ අවස්ථාව මාර්තු 15 දක්වා දීර්ඝ කර තිබෙනවා.

    එමෙන්ම නාවික ක්ෂේත්‍රයේ ඇති බහාලුම් ප්‍රවාහනය කිරීමේ ප්‍රමාණය 32%කින් පමණ වර්ධනය වී තිබෙනවා. වැඩිවන දාරිතාව අනුව වරාය ප්‍රසාරණය කිරීම සඳහා වරාය අධිකාරියට අයත් මුදල්වලින් නැගෙනහිර පර්යන්තය ඇමරිකන් ඩොලර් මිලියන 580ක් වැය කරමින් සංවර්ධනය කටයුතු සිදුකරමින් පවතිනවා.

    ඒ අනුව ECT පර්යන්තය හරහා විශාල කන්ටේනර් ප්‍රමාණයක් හුවමාරු කරගැනීමට හැකි අතර ඉන් ඉහළ ආදායමක් මෙරටට උපයාගැනීමට හැකියාව පවතිනවා.

    .


Top Stories
wedivistara

වැලිවේරියේ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබයි

wedivistara

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

අපරාධ සැකකරුවකුගේ ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වීමේ බලපෑම

wedivistara

පොලිස්පති ඉන්න තැන ගැන නියෝජ්‍ය ඇමතිතුමා දන්නවා කිව්වානේ, ඇයි අපෙන් අහන්නේ? - නාමල්

wedivistara

අද කාලගුණ නි‍වේදනය

Trending
wedivistara

අනුරාධපුර රෝහලේ 'රාජකාරියේ යෙදී සිටි වෛද්‍යවරියක' දූෂණයට ලක් කිරීම ගැන විමර්ශනයක්

wedivistara

අධිවේගී මාර්ගයට යළිත් STF යෙදවීමට පියවර

wedivistara

ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්‍රගතිය පිළිබඳව සුබ පතනවා - IMF කළමනාකාර අධ්‍යක්ෂවරිය

wedivistara

දේශබන්දුයි, සෙව්වන්දියි ඉන්න තැන වටගල දන්නවා නම්, ඇයි අත්අඩංගුවට ගන්නේ නැත්තේ? - අජිත් පී. පෙරේරා

wedivistara

Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කොළඹ වාහන දුම් පරීක්ෂා කිරීම සම්බන්ධ වැටලීම් අද සිට

wedivistara

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි


NEWS ALERT