හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මෙවර මහ මැතිවරණයට තරග වැදීමට ඉදිරිපත් කර ඇති නාමයෝජනා ප‍්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමටත්, ඡන්දය ප්‍රකාශ කිරීමටත් රන්ජන් රාමනායක මහතාට හිමිකමක් නොමැතිද බවට තීන්දුවක් ලබා දෙන්නයි ද පෙත්සම්කරු ඉල්ලා සිටියි.
පෙත්සම ගොනුකර ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට තරග වදින ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙක් වන මහින්ද සේනානායක මහතාය.
මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයන්, රන්ජන් රාමණායක මහතා, ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරියා මෙහි වග උත්තරකරුවන් ලෙස නම් කර තිබේ.