Local

ඉදිරි දින කිහිපයේදී ICCය ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම ඉවත් කරයි

Saturday, 27 January 2024 - 8:52 pm

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පනවා ඇති තහනම ඉදිරි දින කිහිපය තුළ ඉවත්කරනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විශ්වාසය පළකරයි.

වත්තල ප්‍රදේශයේදී ජනමාධ්‍යවේදීන් අමතමින්, ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කැලඹිලි සහිත කාල පරිච්ඡේදයකින් පසු, ක්‍රීඩා පරිපාලනයට රජයේ මැදිහත්වීම් හේතුවෙන් 2023 නොවැම්බර් මාසයේදී ICC විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සාමාජිකත්වය අත්හිටුවන ලදී.

ඇමැතිවරයා මෙම ප්‍රකාශය සිදුකරනු ලබන්නේ, මේ මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලර්ඩිස් ඇතුළු ICC නිලධාරීන් සමඟ මෑතකාලීනනව සිදුකළ සන්නිවේදනයෙන් අනතුරුවය.

ඇමැතිවරයාට අනුව, ICC සමඟ සාකච්ඡා ‘ඵලදායක’ වූ අතර, නියෝජිත පිරිස ගැටළු විසඳීමේ ප්‍රගතිය පිළිබඳව සෑහීමකට පත් වූ බව පෙනීගොස් ඇත.

මෙම තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට ආර්ථික වශයෙන් සැළකිව යුතු පහරක් එල්ල කර ඇති අතර, ශ්‍රී ලංකාවට වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලානය සහ වාර්ෂික ICC සමුළුවේ සත්කාරකත්වය අහිමි විය.

 
 
 
 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT