Local

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඩිජිටල් මෙවලම් වැඩිදියුණු කිරීම සඳහා තවදුරටත් ජාත්‍යන්තර සහාය අපේක්ෂා කරනවා - අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

Saturday, 11 November 2023 - 7:12 am

පසුගිය වසර 74 ක කාලය තුළ යුනෙස්කෝව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට හැකිවීම පිළිබඳ සතුටට පත්වන බවත් රජයේ ප්‍රමුඛ වැඩසටහන් පහක් යුනෙස්කෝ සංවිධානයේ අරමුණු සමග එක්වෙමින් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන බවත් ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වූ යුනෙස්කෝ සමුළුවේ 42 වැනි සැසිවාරය අමතමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අවධාරණය කළේ ය.

මිනිසා සහ ජෛවගෝලයේ ආරක්ෂාව සම්බන්ධව යුනෙස්කෝ -ශ්‍රී ලංකා සබඳතාව පිළිබඳ අගය කරන බවත්, ශ්‍රී ලංකාවේ ජෛවගෝල රක්ෂිත ලෙස ස්ථාන 34ක් නම් කර ඇති බවත්, යුනෙස්කෝව ඉන් හතරක් සිය ලෝක ජාලයේ කොටසක් ලෙස පිළිගෙන ඇති බවත් එහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා, ලොව තෙත් බිම් සංරක්ෂණය වෙනුවෙන් පිහිටුවාගෙන ඇති රැම්සා සම්මුතියට අයත් අඩවි යටතට කොළඹ සහ ඒ අවට තෙත්බිම් ද අයත්ව ඇති බව ද පෙන්වා දුන්නේ ය.

දේශගුණික අභියෝගවලට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බව ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ප්‍රකාශ කර ඇති බව ද එම විශ්වවිද්‍යාලය වෙනුවෙන් යටිතල පහසුකම් සඳහා අරමුදල් ද 2024 වසර තුළ වෙන් කර ඇති බව ද මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමේ කටයුතු සඳහා යුනෙස්කෝ සහ අනෙකුත් ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ සහාය අපේක්ෂා කරන බව ද වැඩිදුරටත් පැවසීය.

දඹුල්ලේ ලෙන්විහාරයේ, ගඩලාදෙනියේ සහ දෙගල්දොරුව විහාරවල බිතුසිතුවම් සංරක්ෂණයට යුනෙස්කෝ සංස්කෘතික අංශය විසින් ලබාදුන් සහයෝගය පිළිබඳව ද, 2003 සහ 2005 වසරවල ලබාදුන් ධාරිතා සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද අමාත්‍යවරයා සමුළුව අමතමින් සිය කෘතවේදීත්වය පළ කළේ ය.

සමාජ සහ මානව විද්‍යා ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරකම් ලෙස ආසියානු කලාපීය අන්තර් සංස්කෘතික සංවාදය සක්‍රීය කිරීම සඳහා වූ යුනෙස්කෝ රාමුව සහ එහි ගෝලීය වාර්තාව ඉදිරිපත් කිරීම පසුගිය ජූනි මාසයේ දී කොළඹ දී පැවැත්වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මෙරට තොරතුරු සහ සන්නිවේදනය ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් අධ්‍යාපන සම්පත් භාවිතා කිරීම සහ අධ්‍යාපනයේ ඩිජිටල් මෙවලම් වැඩි දියුණු කිරීම සඳහා තවදුරටත් ජාත්‍යන්තර සහයෝගීතාව අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා පැවසීය. සාමාජික රටවලට යුනෙස්කෝ ක්ෂේත්‍ර කාර්යාලවල අත්‍යවශ්‍ය දායකත්වය පිළිගනිමින් ක්ෂේත්‍ර කාර්යාල ජාලය ශක්තිමත් කිරීමට රටක් වශයෙන් තමා යෝජනා කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.


යුනෙස්කෝ විද්‍යා අංශය මගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්වල STEAM අධ්‍යාපනය සඳහා මෙවලම් කට්ටල සැපයීමට පියවර ගැනීම ද කෘතවේදී ව අගය කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, දකුණු ආසියාවේ තිරසාර ජල සම්පත් කළමනාකරණය පිළිබඳ යුනෙස්කෝ හමුව මොරටුව විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීමට ලැබීම අභිමානයක් බව ද පැවසීය.

එමෙන් ම ශ්‍රී ලංකාව තුළ පාසල් දරුවන්ට ආතතියෙන් තොර ඉගෙනුම් පරිසරයක් ඇති කිරීම, පරිවර්තනීය අධ්‍යාපනයක් වෙනුවෙන් දරුවන් යොමු කළ හැකි පරිදි ගුරුවරුන් බලගැන්වීම සහ ඩිජිටල් දියුණුව උත්තේජනය කිරීම කෙරෙහි අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ අවධානය යොමුකර ඇති බව ද මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් කරුණු දැක්වීය.


Top Stories
wedivistara

ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවලට ප්‍රමුඛත්වය දෙන්න – ජනපතිගෙන් උපදෙස්

wedivistara

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි

wedivistara

නවකවදය නැති කරන්න කාර්යසාධක බළකායක්

wedivistara

දෙමටගොඩදී ත්‍රීරෝද රථ 06ක් හා මෝටර් රථයක් ගිනිබත් වෙයි

wedivistara

ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සබරගමු විශ්ව විද්‍යා​ල සිසුන් විරෝධතාවක

wedivistara

විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් හතක් ඉදිරිපත් කරයි

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

COVID රෝගය සම්බන්ධයෙන් ජනතාව අනියත බියක් ඇති කරගත යුතු නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

wedivistara

ලෝකය හමුවේ ලංකාව බැබළ වූ අනුදිට අගමැතිනියගේ ස්තූතිය


NEWS ALERT