Local

රජයේ පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන පොහොර වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් තේ වගාකරුවන්ට ලබාදෙනවා

Sunday, 03 March 2024 - 7:54 am

  • “Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය මාර්තු 02 සිට 05 දක්වා හම්බන්තොට බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානයේදී – කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර.

රජයට අයත් පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන තත්ත්වයෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පොහොර වෙළෙඳපොලේ අලෙවි කරන මිලට වඩා අඩුවෙන් වගාකරුවන්ට ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එමෙන්ම ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 37 වන ආසියා පැසිෆික් සමුළුවට සමගාමීව පැවැත්වෙන “Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය (02) දින හම්බන්තොට බටඅත පිහිටි කෘෂි තාක්ෂණික උද්‍යානයේදී ආරම්භ කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

මේ දිනවල දිවයින පුරා උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් පවතිනවා. එය ජල උල්පත් සිදීයාමේ තත්ත්වයක් දක්වා බලපා තිබෙනවා. එම තත්ත්වය හමුවේ වගා කටයුතු සිදුකිරීමේ දී එක් දිනක් තුළ සම්පූර්ණ කුඹුරු යායම එකවර වගා කරන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීමට අප බලාපොරොත්තු වනවා. ගොයම් සිටුවීම සඳහා “පැරෂුට්” වැනි ක්‍රම භාවිතා කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ගොවි සංවිධානවලට විශේෂ වගකීමක් තිබෙනවා. සීසෑමේ දී “තැටි නඟුල” සහ “මෝල් බෝඩ් නඟුල” භාවිත කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ වන විටත් සාර්ථක ලෙස ගොවිතැන් කටයුතු සිදුකරන ගොවි මහතුන් තම අස්වනු ඉලක්කයන් සපුරා ගැනීමට මෙම ක්‍රමය දැනට භාවිත කරන බව අවධාරණය කළ යුතුයි.

එමෙන්ම පවතින ජල ප්‍රමාණය අඩු වීම නිසා අතිරේක බෝග වගාව සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. බඩ ඉරිඟු සහ මුං වැනි ධාන්‍ය වගාවට යොමු වන අය වෙනුවෙන් අප උපකාර කිරීමට සූදානමින් සිටිනවා.

තේ සඳහා යොදන පොහොර වර්ග වන T -200, T- 750, U -709, U 834 , T 65 වැනි පොහොර පසුගිය කාලයේ ඉතා අධික ලෙස මිල ඉහළ ගොස් තිබුණා. නමුත් එම මිල යම් ප්‍රමාණයකට අඩුකර ගැනීමට අපට හැකිවුණා. දැනට පවතින මිල තවත් අඩුකර ගැනීමට අප උත්සහ දරමින් සිටිනවා. එම නිසා රජයට අයත් සමාගම් දෙක වන කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම සියලුම තේ පොහොර නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

තත්ත්වයෙන් උසස් ගුණාත්මක භාවයෙන් ඉහළම තේ පොහොර රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් නිෂ්පාදනය කර තේ වගාකරුවන්ට ලබා දීම අපේ අරමුණයි. ඒ අනුව මෙම පොහොර වෙළඳ පොළේ අලෙවි කරන මිලට වඩා රුපියල් 2000ක් අඩුවෙන් අවම මිලක් යටතේ වගාකරුවන්ට ලබා දෙනවා. රජය ගෙන යන වැඩ පිළිවෙළට අනුව සහන මිලට පොහොර ලබා දීමෙන් තේ වගාවේ අස්වැන්න ඉහළ නැංවීමට මහත් රුකුළක් වනු ඇතැයි මම සිතනවා. ඒ වගේම නව වගා තාක්ෂණය තේ වගාවටත් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වනවා.

ඒ වගේම අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ මේ වනවිට ව්‍යාපෘති 59ක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉන් ව්‍යාපෘති 55ක්ම ඉතා සාර්ථක බව කිව යුතුයි. ඔවුන් අක්කරයක වගාවකින් මාසයකට තේ දළු කිලෝග්‍රෑම් 1350ක් පමණ නෙළා ගන්නවා. මේ වසරේදී අප විසින් රුපියල් මිලියන 1000ක් පමණ මෙම ව්‍යාපෘතිය සඳහා යෙදවීමට අපේක්ෂා කරනවා.

කෘෂිකර්මාන්තය නැංවීමට මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට හැකි වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශි දැක්ම නිසා බවත් කිව යුතුයි. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශයට එක් නොකළා නම් කිසිසේත්ම මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ. එබැවින් එම නිවැරදි පියවර ගැනීම සම්බන්ධව ජනාධිපතිතුමාට ස්තූති කළ යුතුයි.

ඒ වගේම ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 37 වන ආසියා පැසිෆික් සමුළුවට සමගාමීව පැවැත්වෙන “Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය හෙට (02) දින හම්බන්තොට බටඅත පිහිටි කෘෂි තාක්ෂණික උද්‍යානයේදී ආරම්භ කෙරෙනවා. එය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මාර්තු මස 02,03,04,05 යන දිනවල පැවැත්වෙනවා.


Top Stories
wedivistara

ඉහළ කොත්මලේ ජලාශයට පහළින් සිටින ජනතාවට විශේෂ දැනුම්දීමක්

wedivistara

උඩරට මාර්ගයේ දුම්රියක් පීලි පනියි

wedivistara

පළාත් පාලන ආයතන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍ර නිකුත් කෙරේ

wedivistara

මත්කුඩු කිලෝ 3.6ක් සමඟ අයෙකු අත්අඩංගුවට

wedivistara

අයහපත් කාලගුණ තත්ත්වය අද සිට ක්‍රමයෙන් පහව යන ලකුණු

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT