Local

ශ්‍රී ලාංකික ජනතාව ජනපතිට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන දීමට පෙළ ගැසෙමින් සිටිනවා – එජාප සභාපති වජිර අබේවර්ධන

Wednesday, 28 February 2024 - 7:33 am

ජාතික නායකයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලංකා ඉතිහාසයේ වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් නැවත ජනාධිපති ධුරයට පත්වෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසීය.

එය දේශපාලනයෙන් තොර ක්‍රියාවලියක් බවද කීය.

ගාල්ල, කෝන්ගහ ක්‍රෙසන්ට් ක්‍රීඩා සමාජය විසින් පසුගිය 25 දා සංවිධාන කර තිබූ පාපන්දු තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෙසේද පැවසුවේය.

Òවිධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි විහිළු කතාත් ඇතැම් දේශපාලකයන් ප්‍රකාශ කරනවා. 1978දී හඳුන්වා දුන් මේ විධායක ජනාධිපති ධුරය සමඟ පාර්ලිමේන්තු ක්‍රමයත්, පළාත් සභා ක්‍රමයත්, පළාත් පාලන ආයතන ක්‍රමයත් සියල්ල එකට බද්ධ වී තිබෙනවා. නියමිත වෙලාවට ජනාධිපතිවරණය පවත්වන බව මේ වර්ෂය ආරම්භ වන විටම ජනපතිතුමා ප්‍රකාශ කළා. මැතිවරණය නියමිත වෙලාවට ප්‍රකාශයට පත් වේවි. ශ්‍රී ලාංකික මහජනතාව ජනපතිතුමාට ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දීමට මේ වන විටත් පෙළ ගැසෙමින් තිබෙනවා.

ශ්‍රී ලංකාව ලෝකය හමුවේ ඉදිරියට ගෙනියන්න නම් ඒ තත්ත්වයෙන් ලංකාවේ දේශපාලන පක්ෂ වෙනස් විය යුතුව තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකේය දේශපාලනයේ නව පියවරක් තැබිය යුතුව තිබෙනවා. දැන් ඒ නව පියවර තනි පුද්ගලයෙක් හැටියට රනිල් වික්‍රමසිංහ නමැති ජාතික නායකයා තබා තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ඒ වැඩේ කරන්නේ ලෝකය පිළිගත් ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කර, කොහොමද ශ්‍රී ලාංකික ණය ගෙවන්නේ, කොහොමද ණය ගෙවන ගමන් ශ්‍රී ලාංකික මහජනතාව ආරක්ෂා කරන්නේ යන තීරණ ගෙන තිබෙනවා. ඉතින් මේ ක්‍රියාදාමය හරහා ගත්ත තීරණ කිහිපයකින් එකක් තමයි අස්වැසුම. අනිත් පැත්තෙන් වැටුණු ආර්ථිකයේ ඉන්න මහජනතාවට අවශ්‍ය සහන ලබා දෙන්නේ ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුකූලවයි.

රනිල් වික්‍රමසිංහ ජනපති ධුරය භාරගත්තාට පසුව සමරන්න බැරි වුණු සියලු ජාතික උත්සව සමරන්න ශ්‍රී ලාංකික මහජනයාට හැකි වුණා. මේ කතා කරන අවස්ථාවේදීත් ලංකාවේ සෑම හෝටලයක්ම දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගිහින් තිබෙනවා. මේ තත්ත්වය නැවත වෙනස් කරන්න කාටවත් ඉඩ නොදිය යුතුයි.

ජාතික නායකයකු හැටියට රනිල් වික්‍රමසිංහ ලංකා ඉතිහාසයේ වාර්තාගත ඡන්ද සංඛ්‍යාවක් ලබා ගනිමින් නැවත ජනාධිපති ධුරයට පත්වෙනවා. ඒක දේශපාලනයක් නොවෙයි. දේශපාලනයෙන් තොර ක්‍රියාවලියක් කියලා මම කියන්න කැමැතියි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT