මේ වසරේ ගතවූ පසුගිය මාස 10 තුළ මෙරටින් ලාදුරු රෝගීන් 1250 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
එම පිරිස අතර අවුරුදු 14 ට අඩු ළමුන් 131 දෙනෙකු වන බවයි ලාදුරු මර්දන ඒකකයේ අධ්යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේ.
මේ වන විට වාර්තා වෙන්නේ මීට වසර 5 කට හෝ 7 කට පෙර ලාදුරු බැක්ටීරියාව ශරීරගත වූ රෝගීන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.