2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් 215 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මූලස්ථානය පවසයි.
අපේක්ෂකයින් 06 දෙනෙකු ද ඒ අතර සිටියී.
පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි ගණන 210 කි.
මේ අතර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව පැමිණිලි 1408 ක් ලැබී ඇතිබව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඒ අතරින් පැමිණිලි 14 ක් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ලැබී තිබේ.
මේවනවිට පැමිණිලි 1166ක් සඳහා විසඳුම් ලබාදී තිබේ.
තවත් පැමිණිලි 242ක් සඳහා විසඳුම් ලබා දෙමින් ඇතිබව එම කොමිෂන් සභාව පවසයි.
2024 පාර්ලිමේන්තු මැතිවරණය ලබන 14 වැනිදා පැවැත්වේ.