Local

රටේ සංවර්ධනයට සියලු පුරවැසියන් දායක විය යුතුයි - සමන් රත්නප්‍රිය.

Friday, 05 January 2024 - 1:00 pm

රටේ සංවර්ධනයට සියලු පුරවැසියන් දායක කරගැනීම ගරු ජනාධිපතිතුමාගේ පරමාර්ථය බව ජනාධිපති වෘත්තීය සමති අධ්‍යක්‍ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසනවා.
පසුගිය යුධ සමයේ ආබාධිත බවට පත් වූ උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් කෘතිම අත් පා ලබා දීමේ වැඩසටහනකට එක් වෙමින් රත්නප්‍රිය මහතා මේ බව පැවසීය.
ගරු ජනාධිපතිතුමාගේ උතුරු සංචාරයට සමගාමීව පළමු වටයේදී ආබාධිත පුද්ගලයන් 12 දෙනෙකු සඳහා කෘතිම පාද ලබාදීම ඊයේ දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු වු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් රත්නප්‍රිය මහතා පසුගිය සමයේ මේ රටේ පැවති යුද්ධය නිසා බොහෝ ජනතාවකට උන් හිටි තැන් අහිමි වුණා, තවත් පිරිසකට අත්පා අහිමි උනා, තම ඉඩකඩම් අහිමි වුණා, ආදායම් මාර්ග අහිමි වුණා.
ජනාධිපතිතුමා බලයට පත් වූ දා සිටම සියලු දේශපාලන වාද භේද, ජාති භේද, ආගම් භේද අමතක කර රට ගොඩනැංවීමේ කාර්යට එක්වන ලෙස හැමෝටම ආරාධනා කලා.
බංකොළොත් බව ප්‍රකාශ කර තිබු රටක් බාරගන්ත එතුමා අද ඉතා අසීරුවෙන් ආර්ථිකය ගොඩ නගමින් ඉන්නවා.
එතුමාගේ ආශිර්වාදය ඇතිවයි අපි මේ වැඩසටහන ආරම්භ කලේ. අද දින මේ කෘතිම පාද ලබන සියලුම දෙනා මහන්සි වෙලා හොඳට වැඩකරපු අය. නමුත් ආබාධිත තත්වයට පත්වීම නිසා ඔවුන්ගේ ආදායම් මාර්ග අහිමි වෙලා.
ඔවුන් කිසිවෙකුගෙන් යැපෙන්න කැමති නෑ. අතපය හොදට තියෙනවා නම් ආදායම් ලබන්න ඔවුන්ට හැකියාව තිබෙනවා.
ගරු ජනාධිපතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා අද ග්‍රාමීය ජනතාවගේ, ධීවරයින්ගේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන්ගෙ ආදායම් වැඩි වෙලා තිබෙනවා.

ග්‍රාමීය කෘෂි භෝග වල, ග්‍රාමීය නිෂ්පාදන වල මිල ඉහළ යනවත් සමග ජනතාවගේ ආදායම් තත්ත්වයත් වැඩි දියුණු වෙනවා.

පසුගිය රජය මගින් නවත්තලා තිබුන සංවර්ධන ව්‍යාපෘති මේ වසරේදී නැවත ආරම්භ කරනවා. ඒ සදහා අය-වැයෙන් විශාල මුදලක් වෙන් කරලා තිබෙනවා.

මේ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරනවා කියන්නේ ගමේ ඉන්න මේසන්, වඩු කාර්මිකයන් අතට මුදල් යනවා, හාඩ්වෙයාර් වලට මුදල් යනවා, ව්‍යාපාර නැවත නැඟිටිනවා. රටම පිඛිදීමක් ඇතිවෙනවා.

මෙම කෘතිම අත්පා ලබාදීමේ වැඩසටහනට ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර පී. චාල්ස් , ජනාධිපති ලේකම් සමන් ඒකනායක, යන මහත්ම මහත්මීන් සහභාගී වුහ.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී මෙරට සම්මානලාභී දේශීය නව නිපැයුම්කරුවකු වන කළුතර අරුණ සමරවික්‍රම මහතාගේ නිපැයුම් භාවිතා කිරීම තුළින් දේශීය ව්‍යවසායකයෙකුට අතහිත දීමද විශේෂත්වයකි.


Top Stories
wedivistara

නව පාප් වහන්සේට ජනපතිගෙන් සුබ පැතුම්

wedivistara

UPDATE: හෙලිකොප්ටර් අනතුරෙන් 5ක් මරුට

wedivistara

ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි

wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT