Local

අපරාධ කල්ලි මර්දනයට STF යෙදවීමට පියවර

Wednesday, 22 January 2025 - 8:41 pm

සංවිධානාත්මක අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් මැඩ පැවැත්වීමේ අරමුණින්, අපරාධ මර්දන මෙහෙයුම් වෙනුවෙන් කොළඹ නගරයේ පොලිස් ස්ථාන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
මෙම වසරේ ගත වූ කාලසීමාව තුළ අපරාධ කල්ලි අතර වෙඩි තැබීම් 07 ක් සිදුවී ඇති අතර, ඉන් බහුතරය වාර්තා වී ඇත්තේ කොළඹ හා තදාසන්න ප්‍රදේශ වලින් බවයි සඳහන් වෙන්නේ.
පවතින තත්ත්වය හමුවේ වෙඩි තැබීම් මැඩ පැවැත්වීම සඳහා සහාය අවශ්‍ය බව හඳුනාගෙන ඇති පොලිස් ස්ථාන සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ කුඩා කණ්ඩායම් යෙදවීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළා.
පොලිස් විශේෂ කාර්ය බළකාය යෙදවීමට අමතරව අපරාධ ක්‍රියාකාරකම් බහුලව පවතින ප්‍රදේශවල දිවා හා රාත්‍රී කාලයේදී හදිසි මාර්ග බාධක ස්ථාපිත කර ජංගම මුර සංචාර වැඩි කිරීමට ද පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT