Local

පළාත් පාලන අපේක්ෂකයින් ආණ්ඩුකාර සම්බන්ධීකාරක නියෝජිත ලෙස පත් කිරීම ගැන NPP මැතිවරණ කොමිසම දැනුවත් කරයි

Tuesday, 02 July 2024 - 9:07 pm

පළාත් පාලන අපේක්ෂකයින් ආණ්ඩුකාර සම්බන්ධීකාරක නියෝජිත ලෙස පත් කිරීම මගින් මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම පිළිබඳව ජාතික ජන බලවේගය මැතිවරණ කොමිසම දැනුවත් කර තිබෙනවා.

අද (02) පෙරවරුවේ ජාතික ජන බලවේගයේ ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ නීතිඥ සුනිල් වටගල මැතිවරණ කොමිසම හමුවී ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරවර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් තම පළාත් පාලන ආයතන බල ප්‍රදේශවල සංවර්ධන වැඩසටහන් සොයා බැලීම සඳහා යයි පවසමින් 2024 මැයි 04දින සිට පළාත් පාලන අපේක්ෂකයන් වන හිටපු පළාත් පාලන මන්ත්‍රීවරුන් සහ සභාපතිවරුන් තම සම්බන්ධීකාරක නියෝජිතයන් ලෙස පත් කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම පත්කිරීම්වල අරමුණ වී ඇත්තේ පළාත් සභාවේ හා පළාත් පාලන ආයතනවල පවතින අරමුදල් දේශපාලන අරමුණු වෙනුවෙන් සෘජු ප්‍රදාන ලෙස ලබා දෙමින් මැතිවරණ ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම බවත් මෙය පැහැදිලිවම රාජ්‍ය දේපළ අවභාවිතාවක් හා මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බවයි ඔවුන් සඳහන් කරන්නේ.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර මෙම අයථා ක්‍රියා වැලැක්වීමට මැදිහත් වන ලෙස ඔවුන් මැතිවරණ කොමිසමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT