Sports

සුදුසුකම් ලැබීමේ සටනට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

Saturday, 13 April 2024 - 10:55 am

15 හැවිරිදි ගිම්හානිටත් අවස්ථාවක්

විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කටයුතු කර තිබේ.

චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් මේ සංචිතයට ක්‍රීඩිකාවෝ 15 දෙනකු ඇතුළත් වන අතර, තවමත් ජාත්‍යන්තර තරග වරම් හිමි කර ගෙන නැති 15 හැවිරිදි යොවුන් ක්‍රීඩිකා ශෂිනි ගිම්හානි සංචිතයට එක්ව තිබීම විශේෂත්වයකි.

අත්දෙකෙන්ම පන්දු යැවීමට දස්කම් දක්වන රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවක වන ශෂිනි අසාමාන්‍ය ඉරියව්වකින් දඟ පන්දු යවයි. ඇය දකුණු අප්‍රිකානු පිලේ හිටපු ක්‍රීඩක පෝල් ඇඩම්ස්ගේ ඉරියව්වට සමාන අයුරින් පන්දු යැවීම විශේෂත්වයකි.

පසුගියදා නිමා වූ යොවුන් තුන්කොන් කාන්තා ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කළ ශෂිනි විස්සයි20 තරග 3කදී කඩුලු 4ක්, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවති එක්දින තරගයේදී කඩුලු 3ක් දවා ගනිමින් දස්කම් දැක්වූවාය.

මේ අතර මේ දිනවල දකුණු අප්‍රිකානු කාන්තා පිලට එරෙහිව පැවැත්වෙන තරගාවලියට 17 දෙනකුගෙන් යුත් සංචිතයක් එක්ව සිටින අතර, එම සංචිතයේ සිටින ඕෂධී රණසිංහ, ඉමේෂා දුලනි සහ ප්‍රසාදිනී වීරක්කොඩිට මේ සංචිතයේ ස්ථාන අහිමි වී තිබේ.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය මේ මස 25 වැනිදා සිට මැයි 7 වැනිදා දක්වා අබුඩාබිහිදී පැවැත්වෙන අතර, තරගාවලියට එක් වීම සඳහා මේ දිනවල දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කාන්තා පිල එරට සිට ඍජුවම අබුඩාබි වෙත පැමිණීමට නියමිතය.

ශ්‍රී ලංකා පිල තරගාවලියට පෙර මේ මස 21 නෙදර්ලන්තයට සහ 23 වනුවාටු කාන්තා පිලට එරෙහිව පුහුණු තරග දෙකකට එක් වෙයි.

කණ්ඩායම් 10ක් එක් වන තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා පිල තරගාවලිය ආරම්භ කරමින් 25 වැනිදා පළමු තරගයේදී තායිලන්තයට එරෙහිව තරග බිමට පිවිසෙන අතර, 27 වැනිදා ස්කොට්ලන්තයට, මැයි 1 දා උගන්ඩාවට සහ 3 වැනිදා අමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව මූලික වටයේදී තරග වැදීමට නියමිතය.

තරගාවලියේ ශූරියන් සහ අනුශූරියන් මේ වසරේ සැප්තැම්බර් සහ ඔක්තෝබර් අතර කාලයේදී බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි.

එම තරගාවලියට මේ වන විට සත්කාරක බංග්ලාදේශය සමඟින් කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා සිටී.

ශ්‍රී ලංකා කාන්තා පිල: චමරි අතපත්තු (නායිකා), විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, හර්ෂිතා සමරවික්‍රම, කවීෂා දිල්හාරි, හසිනි පෙරේරා, අනුශ්කා සංජීවනී, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, අචිනි කුලසූරිය, හන්සිමා කරුණාරත්න, කාව්‍යා කාවින්දි, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්දිකා කුමාරි සහ ශෂිනි ගිම්හානි.


Top Stories
wedivistara

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට ශානි අබේසේකර සාක්ෂිකරුවකු කරයි

wedivistara

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 14ක් රෝහලේ

wedivistara

රුපියල් මිලියන 31.17ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

wedivistara

විදුලි සේවකයින් ලබන 22 වැනිදා දැවැන්ත විරෝධතාවකට සැරසෙයි

wedivistara

කහවත්ත වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයින් 04 ක් අත්අඩංගුවට

wedivistara

සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් වන නඩුව අගෝස්තු 04 දක්වා කල් තබයි

Trending
wedivistara

ශ්‍රී ලාංකිකයෙකු ප්‍රථම වරට ලෝක වෘත්තීය සූපශාස්ත්‍ර අධ්‍යාපනඥ සම්මානයෙන් පිදුම් ලබයි

wedivistara

ඇල්ලේ සංචාරක නිකේතනයක් ගින්නෙන් විනාශ වෙයි

wedivistara

ඉන්දියාවේ පාලමක් කඩා වැටී පුද්ගලයන් 10 ක් මරුට

wedivistara

රුහුණු කතරගම මහා දේවාලයේ අවසන් පෙරහැර අද

wedivistara

අඩු ආදායම්ලාභී පවුල්වල තරුණ තරුණියන් 50,000කට රැකියා වැඩසටහනක්

wedivistara

ශ්‍රී ලංකාවට නව අමෙරිකානු තානාපතිවරයෙක්


NEWS ALERT