LRT ව්‍යාපෘතිය නවතා දැමීමේ කණ්ඩායම් දෙකක් ක්‍රියාත්මක වූ බවත් එහි එක කොටසක් ගෝඨාභය පාර්ශවය හා අනෙක් කණ්ඩායම මාලිමාවේ කණ්ඩායම බව එක්සත් ජනරජ පෙරමුණ චෝදනා කරයි.
එහිදී මෙම ව්‍යාපෘතිය නවතා දැමීමේ ගෝඨාභයගේ කණ්ඩායමේ සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අබේකෝන් NPP ඉංජිනේරු සමුළුවේ පළමු කතාව කරන තැනට පැමිණ ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
පසුගියදා සිරස සටන වැඩසටහන මගින් මාලිමාවේ දේශපාලන නායකයෙකු වන සුනිල් හඳුන්නෙත්ති මහතා LRT ව්‍යාපෘතිය දුෂිත බව පැවසීම හා මාලිමාව විසින් ඉදිරිපත් කළ ප්‍රතිපත්තියේ සෞඛ්‍ය හා අධ්‍යාපන ප්‍රතිපත්ති වල පවතින ගැටළු පිළිබඳ සාකච්ජා කිරීම සඳහා එක්සත් ජනරජ පෙරමුණ විසින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකදී මෙම අදහස් පලවිය.
මෙම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා සහ එක්සත් ජනරජ පෙරමුණේ ජාතික සංවිධායක සුමේධ රත්නායක මහතා සම්බන්ධ විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුමේධ රත්නායක මහතා;
පහුගිය සටන වැඩසටහනේදී සුනිල් හඳුන්නෙත්ති මහත්මයා විසින් ප්‍රකාශ කරා සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය දූෂිත ව්‍යාපෘතියක් කියලා. මම නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා විදිහටත් එවක මෙගා පොලිස් ව්‍යාපෘතියේ ප්‍රධාන ව්‍යාපෘති සම්බන්ධීකාරකවරයා විදිහටත් සුනිල් හඳුන්නෙත්ති මහත්මාට අභියෝග කරන්න කැමතියි මේ ව්‍යාපෘතිය දූෂිතයි කියලා ඔබ කියනවා නම් ඔබට පුළුවන් අපිත් එක්ක විවාදයකට එන්න. ජයිකා ආයතනයේ නිර්දේශ හා රෙගුලාසි වලට අනුකූලව තමයි මේ ව්‍යාපෘතියේ සියලුම ප්‍රසම්පාදන කටයුතු සිද්ධ වුණේ. ඒ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තු කැඳවීමට සූදානම් කරලා තිබුණත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වටේට ඉඳගෙන මේ ව්‍යාපෘතිය නැවැත්වීම සඳහා කටයුතු කරපු කිහිප දෙනෙක් නිසා එය නවතා දැමුණා. එම LRT ව්‍යාපෘතිය නවතා දැමීමේ කණ්ඩායමට ඇතුළත් වෙලා හිටියා NPP එකේ ඉංජිනේරු සමුළුවේ පළමු කතාව කරපු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය අබේකෝනුත්. ඒ වගේම අපි දැක්කා ඒ දවස් වල වසන්ත සමරසිංහ පෙට්ටි දෙකක් විතරක් තියෙන එක පැත්තකට යන කෝච්චියක් මේක කියලා බොරු ගොඩක් කිව්වා. මේක කරොත් ජාතික අපරාධයක් කියලා කීවා. මේ LRT ව්‍යාපෘතිය නැවැත්වීම සඳහා කටයුතු කරපු පිරිස අතර මාලිමාව ප්‍රමුඛස්ථානයේ ඉන්නවා.
මෙම ව්‍යාපෘතිය සූදානම් කරන 2016 දීත්, කොළඹ නගරය ඇතුළත, දිනකට මගීන් ලක්ෂ 19ක් විතර කොළඹ නගරය ඇතුළත ගමන් බිමන් ගියා. කොළඹ වාහන වල සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 14 තිබුණේ. මොරටුව විශ්ව විද්‍යාලය ප්‍රධානය කරපු ව්‍යාපෘතියක් මගින් තමයි LRT ව්‍යාපෘතියේ අවශ්‍යතාවය හඳුනා ගත්තේ. LRT ව්‍යාපෘතියට ජපානය ආධාර කරන්න එකඟ වුණා. ඒ ණය මුදලේ පළවෙනි වාරිකය සඳහා ගිවිසුමත් අත්සන් කළා. ණය මුදල ගෙවීම සඳහා වසර 40 ක කාලයක් ලැබුණා. ඒ වගේම අවුරුදු 12 ක සහන කාලයක් ලැබුණා. අවුරුදු 12 කින් පස්සේ තමයි මේ ණය මුදල ගෙවන්න ආරම්භ කරන්න තිබුණේ. ණය මුදලේ පොලිය 0.1% යි. පහුගිය කාලයේ මහාමාර්ග, අධිවේගී මාර්ග ඉදිකිරීම සඳහා ගත්ත ණය වල පොලියත් 6% ක් 9%ක් වගේ. ණය දෙනකොට තිබෙන ප්‍රධාන කොන්දේසියක් තමයි මේ ජපානයේ ජයිකා ආයතනයේ, කිසිදු ආකාරයේ දූෂණයක් සිද්ධ වෙනවා කියලා ඒගොල්ලන්ට දැනුනොත් ඔවුන් එම ණය මුදල් නවත්තනවා කියන එක. ඒ නිසා සාමාන්‍යයෙන් ජයිකා ආයතනය මගින් ලබාදෙන ණය පහසුකම් වලදී කිසිම ආකාරයේ දූෂණයන් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මේ යටතේ LRT ව්‍යාපෘතිය මගින් මාලඹේ සිට පිටකොටුව දක්වා දුම්රිය ස්ථාන 21 ක් සහිතව විනාඩි 32 කින් ගමන් කරන්න පුළුවන් විදිහට තමයි සැලසුම් කළේ. අපේ සැලැස්ම තිබුණේ 2025 දී දුම්රිය මැදිරි 4 ක් සහිතව විනාඩි 5 න් 5 ට දුම්රියක් ධාවනය කරන්න. ඒ වගේම 2035 දී පෙට්ටි 6 ක් සහිත දුම්රියක් විනාඩි 2 න් 3 ට ගමන් කරන්න. ඒ ව්‍යාපෘතිය නැවත්වීම සඳහා කොට්ඨාශ දෙකක් කටයුතු කරා. එකක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ළඟ හිටපු කණ්ඩායම, අනිත් කණ්ඩායම තමයි මේ මාලිමාවේ වසන්ත සමරසිංහලා ඇතුළු කණ්ඩායම. අපි ඉතාමත් කණගාටු වෙනවා ඔවුන් කරපු කාර්යය මඟින් අපිට හොඳ ව්‍යාපෘතියක් අහිමි වුණා. වසර 74 ක් තුළදී සංවර්ධනය අඩාල කිරීම සඳහා දේශපාලකයින් කටයුතු කරා කියලා මාලිමාව චෝදනාවක් කරනවා. නමුත් රටේ සංවර්ධනය අඩාල කිරීමට ඒ පැරණි දේශපාලකයින් විතරක් නෙමෙයි මේ මාලිමාවේ සිටින දේශපාලකයිනුත් විශාල වශයෙන් මැදිහත් වෙලා ඉන්නවා. එදා LRT ව්‍යාපෘතියට විරුද්ධව කටයුතු කරපු මාලිමාව අද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුලත් කරලා.
ඒ නිසා මම මේ මාලිමාවේ ප්‍රවාහන විශේෂඥයින්ගෙන් අහන්න කැමතියි ඔබලා කුමන පදනමකින්ද ලංකාවට හදන්න ලෑස්ති කරන්නේ කියලා. ඒ වගේම ඔවුන් ඉදිරිපත් කරලා තිබෙන BRP බස් ව්‍යාපෘතිය අවම වශයෙන් මංතීරු තුනකට වඩා තිබෙන පාරවල් වල තමයි කරන්න පුළුවන්. අපේ රටේ තියෙන්නේ එවැනි වූ මාර්ග සුළු ගානක්. පෑලියගොඩ ඉඳන් කිරුළපනට තියෙන මේ හයිලෙවල් පාරයි, බේස්ලයින් මාර්ගයත්, ඒ වගේම ගාලුපාර මොරටුව දක්වාත් පමණයි. එතකොට කොහොමද මේ මාලිමාවේ ප්‍රවාහන විශේෂඥයෝ මේ BRT බස් කරනවා කියලා කියන්න. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ LRT සැහැල්ලු දුම්රිය, දුම්රිය විදුලි දුම්රිය බවට පත් කිරීම, සුඛෝපභෝගී බස් සේවාව. ඊළඟට මහනගර අමාත්‍යංශය මගින් කරපු සැරිසර ව්‍යාපෘතියට සමාන ඩිජිටල් කාඩ් එකක් හඳුන්වා දීම, පොකුරු බස් සමාගම් සඳහා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ඉදිකිරීම, බස් මංතීරු වගේ මේ ක්‍රියාත්මක කරපු සියල්ලම තමයි ඇතුළත් කරලා තියෙන්නේ. එහෙනම් ඇයි මේ ව්‍යාපෘතිය ඔබලා කඩාකප්පල් කරේ? කියන ප්‍රශ්නය ඇහුවහම, සුනිල් හඳුන්නෙත්ති, ඒ දූෂණය නිසා කියනවා. ඇත්තටම ඒ ඔවුන්ගේ තිබෙන අර දේශපාලන කුහකත්වය නිසා කියලා තමයි මම නම් දකින්නේ. ඒ දේශපාලන කුහකත්වය නිසා ඔවුන් කරපු වැරැද්ද භාරගන්න සූදානම් වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන් මේකට චෝදනාවක් කරනවා, දූෂිතයි කියලා.
ඔවුන් කියනවා රටේ පොදු ප්‍රවාහන පද්ධතියේ සියලුම අවශ්‍යතා 70% සපුරාලනවා කියලා. මේ 70% ගත්තොත් ලංකාවේ දුම්රිය විදුලි කරණය කිරීමට හඳුනාගෙන තියෙන ව්‍යාපෘති වල සාමාන්‍ය දළ ඇස්තමේන්තුව ඩොලර් බිලියන 10 ක් වගේ. ඒ වගේම මේ ඇස්තමේන්තුව ඩොලර් බිලියන 1.5 කට එහා යනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 12 ක්. ඩොලර් බිලියන 10 ක් කියන්නේ සාමාන්‍යයෙන් රුපියල් කෝටි ලක්ෂ තුනක්. මේ වගේ ප්‍රාග්ධනයක් මාලිමාවේ ආර්ථික විශේෂඥයා සොයා ගන්නේ කොහෙන්ද? මං කැමතියි ඒ ප්‍රශ්නයටත් ඉතා පැහැදිලි උත්තරයක් දෙනවානම්.
ඉන් අනතුරුව මාධ්‍ය හමුවේදී එක්සත් ජනරජ පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහතා විසින් ජාතික ජනබලවේගයේ අධ්‍යාපන හා සෞඛ්‍ය ප්‍රතිපත්තීන් පිළිබඳව විග්‍රහයක් සිදුකරනු ලැබිණි.
විශාල පොතක් එළියට දැක්වුවහම මේ රටේ ජනතාව රැවටෙනවා. මේකේ අන්තර්ගතය කියෙව්වහම තේරෙන දේ තමයි මෙහි සෞඛ්‍ය සහ අධ්‍යාපනය කියන ඒ විෂයන් දෙක ගැන ලියපු අය ඒ පිළිබඳව කිසිම දැනුමකින් තොරව තමයි මේක ලියලා තියෙන්නේ. මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සටන් පාඨ වල එකතුවක් හැටියට විතරයි පෙනෙන්නේ. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සෞඛ්‍ය කොටසේ පුර්විකාවේ සඳහන් වෙනවා 2021 යුනිසෙෆ් වාර්තා අනුව ශ්‍රී ලංකාව සෞඛ්‍ය සඳහා වැය කෙරුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.5 කි කියලා. නමුත් යුනිසෙෆ් ඇත්ත වාර්තාවේ සඳහන් වෙන්නේ ඒක 3.8 යි කියලා. මේ වගේ විශාල වැරදී පවා මෙහි සඳහන් වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ ග්‍රන්ථයේ තියෙන දේවල් කියෙව්වහම බය හිතෙනවා. සෞඛ්‍ය, ආර්ථිකය පිළිබඳව මූලික සංකල්පයක් දන්නැති නිසා මේක ලියපු අය දන්නවද දන්නේ නෑ මේ යුනිසෙෆ් වාර්තාවේම තියෙනවා දකුණු ආසියාවේ ඇවරේජ් එක සාමාන්‍යයෙන් 3.5 ට වැඩි කියලා. මේ 3.8 න් රජය විසින් කරන වියදම තමයි 1.5. ඉතිරි කොටස තනි තනි පුද්ගලයන් තමන්ගේ වියදමින් කරන කොටස. මෙන්න මේ වෙනස මේගොල්ලොන්ට තේරෙන්නෑ. ඊළඟට මෙහි අන්තර්ගතය කියවෙනවා හදිසි ප්‍රතිකාර කියලා අංශයක්. හදිසි ප්‍රතිකාරය මෙන්න මෙහෙම තියෙනවා. ඖෂධ වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම ඖෂධ පරීක්ෂණ රසායනාගාරයක් ස්ථාපිත කිරීම. මේක හදිසි ප්‍රතිකාරයක්ද? මේ ඇවිල්ලා ඖෂධ පිළිබඳ ප්‍රතිපත්තියේ කොටසක්. තව එකක් දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම. දැන් මේකත් හදිසි ප්‍රතිකාරයක් ද? හදිසි ප්‍රතිකාරයක් කියලා කියන්නේ, යම්කිසි රෝගියෙකුට, හදිසි හෘදයාබාධයක්, හදිසි ආඝාතයක්, එසේත් නැත්නම් හදිසි අනතුරක් සිදුවුණාම කරන දේවල්. හැබැයි ඒක යටතේ තමයි දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම තියෙන්නේ. මොනතරම් වැරැද්දක්ද මේක? දැන් අඩුගානේ මේ වගේ පොතක් ලියාගන්න බැරි පිරිසකටද ඔබ රට බාරදෙන්න යන්නේ. මේ පොත ලියපු අයවත් මේ පොත කියවලා නැහැ.තව තියෙනවා ජනගහනය පන්දාහ සහ දහදාහ දක්වා ආවරණය වන පරිදි පවුල් වෛද්‍යවරයෙක් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක්. දැන් මෙයා කොතනද මේගොල්ලෝ මේ දාන්නේ? රටේ තියෙනවා රෝග අංශ දෙකක්. ප්‍රථමික සෞඛ්‍ය සේවාවන් කියලා තියෙනවා. ඊළඟට ප්‍රතිකාර සේවාවන් කියලා. ඊට අමතරව මේ රටේ ඉන්නවා රජයේ සේවයේ නියුතු වෙමින් තමන්ගේ සේවා කාලයෙන් බැහැරව පවුල් සෞඛ්‍ය සේවාවන් සපයන අය. GP ලා කියලා කියන්නේ. රජයේ වෛද්‍යවරු දැන් 95% වඩා වැඩි ප්‍රමාණයක් පවුල් සෞඛ්‍ය සේවාවන් සපයන්නේ. වර්තමානයේ තියෙන සෞඛ්‍ය සේවයේ ස්වභාවයවත් මේගොල්ලෝ දන්නේ නැහැ. ඒ පිරිස් එහෙම ඉදිද්දි කියනවා තවත් පිරිසක් පත් කරනවා කියලා. මේ අය පුද්ගලික අංශයේ අයද, රජයේ අංශයේ අයද, එහෙම නැත්නම් ප්‍රථමික සේවාවන්ට අයද? මේකේ සඳහන් වෙලා.
අධ්‍යාපනය පටන් ගන්න තැනම තියෙනවා කාටවත් තේරුම් ගන්න බැරි ගණන් වගයක්. ඒ ටික එකතු කලහම ඇත්තට ලංකාවේ ශිෂ්‍ය සංඛ්‍යාව වගේ සිය ගුණයකින් වැඩි වෙනවා. කරුණාකරලා මේ කොටස නැවත කියවලා මේ ගණන් හිලව් ටික හරියට හදලා නැවත ඉදිරිපත් කරන්න. අධ්‍යාපනය පිළිබඳව මෙහෙම දෙයක් කියනවා. පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපනය. දැන් පූර්ව ළමාවිය සංවර්ධන අධ්‍යාපනය කියලා කියන්නේ අපි සාමන්‍යයෙන් පෙර පාසල්. මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිය මොකක්ද කියලා විස්තර කරන්නෑ මොන විදිහකවත්. නියාමන ආයතනයක් පත් කරනවා කියලා කියනවා. ඒ නියාමනය කරන්නේ කොහොමද? මොන විදිහටද කරන්නේ? සහ මේ අයගේ තියෙන ප්‍රශ්න මොනවද කියලා මෙහි කොතනකවත් සඳහන් වන්නේ නෑ. ඒ වගේම ප්‍රථමික අධ්‍යාපනය කියන්නේ එක වසර සිට පහ වසර දක්වා. ඒකත් අමතක වෙලා තියෙනවා මේගොල්ලොන්ට. පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය දන්නේ නෑ මේ පොත ලියපු අය. ප්‍රාථමික අධ්‍යාපනයේ තියෙන විශාලම ගැටලුව තමයි පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය. ඒකට ගන්න ප්‍රතිපත්තිය මොකක්ද? මේක තියෙනවද? වෙනස් කරනවද? වෙනත් අවුරුද්දකට මාරු කරනවද? ස්වභාවය වෙනස් කරනවද? කියලා කිසි දෙයක් නෑ. පුද්ගලික අධ්‍යාපනය සම්බන්ධව ඒගොල්ලෝ නියාමන ආයතන ඇති කරනවා කියලා තියෙනවා. පළවෙනි වතාවට ජාතික ජන බලවේගය සහ එහි මව් පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ පිළිඅරගෙන තියෙනවා පුද්ගලික ආයතන පැවැත්විය යුතුයි කියල. මේ රටේ විශ්ව විද්‍යාල ශිෂ්‍යන් එළියට ගෙනාපු ප්‍රතිපත්තිය මේකෙන් වෙනස් කරලා තියෙනවද? මම ආරාධනා කරනවා සෞඛ්‍ය සහ අධ්‍යාපනය සම්බන්ධයෙන් අප සමඟ විවාදයකට එන්න කියලා.