Local

ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික වරද නිවැරැදි කරනවා -ත්‍රී’මලේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජන රැලිය අමතමින් ජනපති කියයි

Monday, 02 September 2024 - 11:14 am

නිලාවේලි සිට ත්‍රී’මලේ දක්වාත්-වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වාත් සංචාරක කලාප

-ත්‍රී’මලේ ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජන රැලිය අමතමින් ජනපති කියයි

ආසියාවේ විශාලම ස්වාභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික අපරාධය නිවැරදි කරමින් ඉන්දීය රජයේ සහාය ඇතිව එය කඩිනමින් සංවර්ධනය කර ජාතික ආර්ථිකයට එක් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ත්‍රිකුණාමලයේ උවරමලේ ක්‍රීඩාංගණයේ පැවැති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී ජන රැලිය පෙරේදා (31) අමතමිනි. සමගි ජන බලවේගය පක්ෂයේ සේරුවාවිල ආසනයේ සංවිධායක නලින් ගුණවර්ධන සහ ත්‍රිකුණාමලය කඩවත් හතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නාගරික මන්ත්‍රී ටී. බහර්දීන් යන මහත්වරුන් ද ජනාධිපතිවරයාට සහාය පළ කිරීමට එක්වීමද විශේෂත්වයක් විය. ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ නිලාවේලි සිට ත්‍රිකුණාමලය දක්වාත් වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වාත් සංචාරක කලාප ඇති කර සංචාරකයන් විශාල පිරිසක් ත්‍රිකුණාමලයට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සකස් කරන බවයි. ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙන බව සඳහන් කළ ජනාධිපතිවරයා ධීවර කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් සහනාධාර ලබා දෙන බවත්, සිවිල් ආරක්ෂක භටයන්ගේ ගැටලුවද කඩිනමින් නිරාකරණය කරන බව සඳහන් කළේය. සේරුවාවිල විහාරය සංවර්ධනය කිරීමට සහාය ලබා දෙන බව මෙහි දී පැවසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්ෂිණකෛලාශ් ලෙස ලෝකය පුරා හින්දු බැතුමන්ගේ ගෞරවයට පාත්‍ර වූ කෝණේෂ්වරම් කෝවිලට අඩු පාඩුවක්ව පවතින ගෝපුරම් ඉදි කිරීමේ වගකීම නව රජය යටතේ සිදු කිරීමේ වගකීම භාරගන්නා බව ද සඳහන් කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවැසීය. මේ රටේ තරුණ පරපුර වෙනුවෙන් අප රට දියුණු කළ යුතුයි. එම දියුණුව ලබාගත යුත්තේ අපනයන ආර්ථිකයක් තුළින් පමණයි. ඒ සඳහා අප කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. විශේෂයෙන් වී වගාවෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 08ක් ලබා ගැනීමට අවශ්‍ය සහාය අප ලබා දෙනවා. ඒ වගේම අපි ධීවර කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් සහනාධාර ලබා දෙනවා. මෙරටට පැමිණෙන සංචාරකයන් ලක්ෂ 50 දක්වා ඉහළ නංවාගත යුතුයි. ඒ වෙනුවෙන් අපි නිලාවේලි සිට ත්‍රිකුණාමලය දක්වාත් වෙරුගල්ආරු සිට ආරුගම්බේ දක්වාත් සංචාරක කලාප ඇති කර සංචාරකයන් විශාල පිරිසක් මේ ප්‍රදේශයට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ සකස් කරනවා.

ඒ වගේම ආසියාවේ ලොකුම ස්වාභාවික වරාය වන ත්‍රිකුණාමල වරාය හිස්ව තබා ගැනීමේ ජාතික අපරාධය මේ වන විට සිදු වෙනවා. කිසිම ආණ්ඩුවක් මෙය දියුණු කිරීමට අවධානය යොමු කළේ නැහැ. ඒ නිසා අප ඉන්දියාව සමඟ එක්ව ත්‍රිකුණාමලය දියුණු කිරීමේ වැඩසටහන ආරම්භ කරනවා. ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රයක් ලෙස දියුණු කිරීම මඟින් අපි එම වැඩසටහන ක්‍රියාත්මක කරනවා. සාම්පූර් සූර්යබලශක්ති ව්‍යාපෘතිය ද අප මේවන විට ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම මේ පළාතේ අක්කර දහසකට වැඩි විශාල ආයෝජන කලාපයක් ඇති කර නව කර්මාන්ත ගෙන ඒමට ද අප කටයුතු කරන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම හිඟුරක්ගොඩ ගුවන් තොටුපළ ද දියුණු කිරීමට අප කටයුතු කරනවා. මෙම කටයුතුවල දී දිවංගත ආර්. සම්බන්ධන් මහතා මට සිහිපත් වෙනවා. එතුමා සෑමවිටම කිව්වේ ත්‍රිකුණාමලය දියුණු කළ යුතුයි කියලා. මම එතුමාට ඒ පොරොන්දුව ලබා දුන්නා. අපි සියලුදෙනා එක්ව එම පොරොන්දුව ඉටු කරමු. ඒ වගේම සිවිල් ආරක්ෂක නිලධාරින්ගේ ගැටලු විසඳීමට ද අප කටයුතු කරනවා. සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරයට කතිරය ගසා අපි එම වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට ගෙන යමු කියා මම සියලුදෙනාට ආරාධනා කරනවා.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT