මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා සෘජුව ප්රචාරක කටයුතු වල නිරත වනුයේ දේශපාලන පක්ෂ 02ක් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
මෙවර මැතිවරණය සඳහා දේශපාලන පක්ෂය 59ක් තරග කරනු ලබයි.
ඉන් දේශපාලන පක්ෂ 57ක් ප්රචාරක කටයුතු සිදුකිරීම ඉතාම අවම මට්ටමක පවතියී.
සමස්තයක් ලෙස සියලු අපේක්ෂකයින් ප්රචාරක කටයුතු සිදුකිරීම ඉතා අවම මට්ටමක පවතියී.
මෙවර මහ මැතිවරණයේදි රාජ්‍ය බලය ,රාජ්‍ය දේපළ අවබාවිතා කිරීම ඉතා අවම මට්ටමක පවතියී. ප්රචන්ඩත්වයද ඉතා අඩුය.
මැතිවරණ ප්‍රචාරණය අඩු අතර සමාජ මාධ්‍ය භාවිතයද මේ දක්වා අවම මට්ටමක පවතින බව පැවසීය. එය ඉතා සාධනීය තත්ත්වයකි.
මහ මැතිවරණය සඳහා තරග කරන අපේක්ෂකයින්ගෙ සංඛ්‍යාව ඉහළගොස් තිබේ.
ඉන් බහුතරයක් කිසිදු දේශපාලන පදනමක් නොමැති පුද්ගලයන්ය.
එහි යම් ගැටලුවක් ඇතිබව වැඩිදුරටත් පැවසීය.