Local

මාතර ළදරු මරණය - දරුවා ඉපදුණාට පස්සේ මගේ අතටවත් දුන්නේ නෑ - බිලිඳාගේ මව කියයි

Thursday, 30 May 2024 - 8:59 am

මහ­ත්තයා එන­කම් දරුවා තියා­ගන්න කීවත් කළේ නෑ මේ ප්‍රශ්න ඔක්කොම ඒකෙන්

පර­ස්ප­රව ඉදි­රි­පත් කරන අද­හස් දිගු කතා­වන්ට මඟ පාද­න්නේය. එවැනි අවස්ථා පුවත් මැවී­ම­ටද හොඳ මූල බීජ­යන්ය. නොසැ­ල­කිල්ල, කම්මැ­ළි­කම, නොස­ලකා හැරීම, නිසි මොහොතේ නිසි දේ නොකි­රීම, හරි දේ කිරී­මට කල් ගැනීම යන මේ හැම අව­ස්ථා­ව­කින්ම සිදු­වන්නේ නොසිතූ විරූ කතා­වන්ට මුල පෑදීම මෙන්ම සියලු නෙත් සිත් සැකය දෙසට යොමු කරන අව­ස්ථාය.

එවැනි සැකය මූලික කර­ගත් කතා රැස­කට මඟ පෑදු සිදු­වී­මක් පසු­ගි­යදා වාර්තා වූයේ මාතර කොට­විල නව දිස්ත්‍රික් රෝහ­ලෙනි. ඩබ්ලිව්.ඒ. කාවින්ද්‍යා මදු­ශානි හා ආර්.එච්. සජිත් චතුර වැලි­ගම කොහු­ණු­ග­මුව ප්‍රදේ­ශයේ පදිංචි සිටී. පළමු දරුවා සිය කැදැ­ල්ලට එක් කර ගැනීමේ බලා­පො­රො­ත්තු­වෙන් සිටි යුව­ළකි. සජිත් හා කාවින්ද්‍යා මදු­ශානි දින ගනි­මින් සිටියේ සිහින ගොඩක් සිතේ රඳ­වා­ගෙ­නය. ඒ නිසාම දරුවා පිළි­සිඳ ගත් කාලයේ පටන් ප්‍රසව හා නාරි­වේදී විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යකු වෙත යොමුවී උප­දෙස් ලබා ගැනී­මට ද මොවුන් අම­තක නොක­ළහ.

ඒ අතර සුපු­රුදු පරිදි පසු­ගිය 22 වැනි දින සිය වෛද්‍ය­ව­රයා වෙත කාවින්ද්‍යා මදු­ශානි ගොස් ඇත්තේ සති තිස්හ­යක් වන තම කුසේ සිටින දරු­වාගේ තත්ත්වය පරීක්ෂා කර ගැනී­ම­ටය. ඒ වෙනදා මෙන් දින කීප­යක් කුසේ දරුවා දඟ­ලන්නේ නැති නිසාය.

එහිදී කාවි­න්ද්‍යාගේ දරු ගැබ පරීක්ෂා කළ ප්‍රසව හා නාරි­වේදී විශේ­ෂඥ වෛද්‍ය­ව­ර­යාට ඇගේ කුසේ සිටින දරු­වාගේ හෘදය ක්‍රියා නොක­රන බව තේරුම් ගොස් ඇති අතර දරුවා මිය­ගොස් ඇති බවට සැක ඇති වී තිබේ.

ඒ අනුව මවගේ ජීවි­ත­යට අන­තු­රක් වේය යන සැකය ඇති­වීම නිසා මව බේරා­ගැ­නීමේ අර­මුණ ඇතිව කාවි­න්ද්‍යාට වහාම රෝහ­ල්ගත වන ලෙස වෛද්‍ය­ව­රයා උප­දෙස් දී තිබේ. ඒ කුස තුළ සිටින දරුවා වහා පිට­තට ගැනීමේ අව­ශ්‍ය­තාව දැනීම නිසාය.

එම උප­දෙස් අනුව කාවින්ද්‍යා එදින රාත්‍රී  11:30ට පමණ මාතර කොට­විල නව දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතු­ළත් වී තිබේ. ඒ අනුව වෛද්‍ය වාර්තා සමඟ ඇය පරීක්ෂා කළ නව දිස්ත්‍රික්ක මහ රෝහලේ වෛද්‍ය­ව­රුන් ද කාවි­න්ද්‍යාගේ ගැබේ සිටින දරුවා මිය ගොස් ඇති බවට තහ­වුරු කර ගැනී­මෙන් අන­තු­රුව ඇයගේ ජීවි­තය බේරා­ගැ­නීමේ අර­මු­ණෙන් මළ­දරු උප­තක් සිදු කර ගැනී­මට අවශ්‍ය ඖෂධ කාවි­න්ද්‍යාට ලබා දීමට කට­යුතු කර ඇත. එම අව­ස්ථා­වේදි මව මේ බිලිඳා කුසේ මිය­ගොස් ඇති බවට පිළි­ගෙන ඇති බවත් එම මළ­දරු ප්‍රසූ­තිය සිදු­කි­රීම සඳහා තමා අව­සර දෙන බව­ටත් අදාළ ලිපි ලේඛ­න­ව­ලට කාවින්ද්‍යා සිය අත්අ­කු­රෙන් ලියා අත්සන් තබා ඇති බව මාතර මහා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරු­ණා­රත්න මහතා පැවැ­සීය.

ඒ අනුව රෝහල් වාර්තා සට­හන් අනුව කියැ­වෙන්නේ නිය­මිත ඖෂධ ප්‍රති­කාර ලබා­දී­මෙන් පසු දරු ප්‍රසූ­ති­යක් සඳහා සූදා­නම්ව සිටි කාවින්ද්‍යා 24 වැනි දින අලු­යම 2.41ට පමණ දරු ප්‍රසූ­තිය සිදු කර ඇති බවයි.

ඒ අනුව වාර්තා අනුව තහ­වුරු වන මළ­දරු ප්‍රසූ­ති­යෙන් පසු කාවි­න්ද්‍යා­ටත්, ඇයගේ ස්වාමි­පු­රු­ෂ­යා­ටත් රෝහල් කාර්ය මණ්ඩ­ලය වෙතින් විටින් විට ලබාදී ඇති පර­ස්පර තොර­තුරු අනුව ඇති­වූයේ සුවි­ශේෂී තත්ත්ව­යකි. ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩ­ලය හා කාවි­න්ද්‍යාගේ පවුලේ උද­විය අතර ඇති වූ වාද විවාද ඔස්සේ සිදු­වීම මාධ්‍ය­ව­ලට වාර්තා වීමත් සමඟ ලැබුණු ප්‍රචාර ඔස්සේ මුළු රටේම අව­ධා­නය දිනා­ගත් කතා­වක් බවට පත්විය. ඒ කාවි­න්ද්‍යාට උපන් දරුවා අතු­රු­දන්ව ඇතැයි යන කතාව කර­ළි­යට ඒමත් සම­ඟය.

සිදු­වීම සම්බ­න්ධ­යෙන් අද­හස් දැක්වූ ඩබ්ලිව්.ඒ. කාවින්ද්‍යා මදු­ශානි මෙලෙස පැව­සු­වාය.

Òබබා හම්බ­වෙන්න හිටි­යට පස්සේ මම මාස්පතා යන වැලි­ගම තිබෙන පෞද්ග­ලික චැනල් එකට විසි දෙවැ­නිදා ගියා. ඒකෙදි මම දිග­ටම චැනල් කරපු වෛද්‍ය­ව­රයා කිව්වා බබාගේ හාට් එක වැඩ කරන්නේ නැහැ රෝහ­ලට යන්න කියලා. පසුව රෝහලේ නැව­තුණා. දරුවා ගන්න අමාරු වෙන්න බෙහෙත් දාලා කැමැත්ත අර­ගෙන දරුවා ගත්තා. වෛද්‍ය­ව­රුන් කියන්නේ මගේ බඩේ­දිම දරුවා නැති වෙලා කියලා. ඩොක්ටර් කියන දේ තමයි මම දන්නේ. මම ඩොක්ටර් කෙනෙක් නෙවෙ­යිනේ. එයාලා කියන දේ තමයි මම දන්නේ. කොහොම හරි විසි­තුන් වැනිදා රෑ දරුවා ලැබුණා. දරුවා ඉප­දු­ණාට පස්සේ මගේ අත­ට­වත් දුන්නේ නැහැ. අල්ල­න්න­වත් දුන්නේ නැහැ. පොඩ්ඩක් පෙන්නුවා විත­රයි. කොහොම හරි මගේ මහ­ත්තයා එන­කම් දරුවා තියා­ගන්න කියලා මම කිව්වා. ඒත් ඒ කිසි­වක් වුණේ නෑ. මේ ප්‍රශ්න ඔක්කොම වුණේ ඒකෙන්Ó

දරු­වෙකු අතු­රු­ද­න්වීම, මාරු­වීම, තොර­තුරු සැඟ­වීම ආදී අංශ ඔස්සේ ඒ සම්බන්ධ පුවත් මාධ්‍ය­වල පළ වීමත් සමඟ ඇති වූ කතා­බහ පිළි­බ­ඳව කාවි­න්ද්‍යාගේ සැමියා වූ සජිත් චතුර මෙසේ පැව­සීය.

Ò24 උදේ මම වාට්ටු­වට ගිහින් දරුවා බලන්න ඕනෑ කියලා කිව්වට පස්සේ වාට්ටුවේ හිටිය මිස්ලා කිව්වේ පල්ලෙ­හාට ගිහින් බලන්න කියලා. පසුව කිව්වා මාතර රෙජි­ස්ට්‍රාර් ළඟට ගිහින් රෙජි­ස්ට්‍රාර් කර මාතර නගර සභා­වට ගිහින් භූම­දාන කට­යුතු සඳහා ඉඩක් වෙන් කර­ගෙන එන්න කියලා. ඉන් පස්සේ මම ආවා. මට දරුවා බලන්න ඕනෑ කියලා කිව්වා දරු­වගේ තාත්තා හැටි­යට. ඊට පස්සේ කට්ටිය කිව්වා දරුවා පෙන්නන්න ලිහ ලිහ ඉන්න වෙලා­වක් නැහැ කියලා. හෙට ගෙනි­ය­න­වනේ එහෙම බලා­ගන්න කිව්වා. 24 වැනි දින ඔක්කොම වැඩ ටික කරලා 25 වැනි දින දරු­වාගේ අව­සන් කට­යුතු කරන්න දරුවා මට දෙන්න කියලා මම කිව්වා. අවශ්‍ය ලිය­කි­ය­විලි දුන්නා. 25 ඇවිත් දරුවා ඉල්ලන විට එයාලා කිය­නවා දරුවා නැහැ කියලා. මම අහන විට එයාලා කිය­නවා භූම­දාන කට­යුතු සඳහා පී.එච්.අයි. මහ­ත්තයා අර­ගෙන ගියා කියලා. ඊට පස්සේ කිය­නවා මෝච­රි­යට දැම්මා කියලා. මං ඊට පස්සේ ඇහුවා ඉඩක් වෙන් කර­ගෙන එන්න කියලා මෙහෙම කළාම හරිද කියලා. දැන් ගෙනි­හින් භූම­දාන කට­යුතු කර ඉව­රයි. එදා බහින් බස්වී­මක් වුණා. පසුව පොලි­සි­යෙන් ආවා. ඇවිත් උප­දෙස් දුන්නා නීතිය ක්‍රියා­ක්මක කරන්න නම් පොලි­සි­යට පැමි­ණිලි කරන්න කියලා. ඒ වෙලාවේ මිස් කෙනෙක් කිව්වා පොලි­සි­යට පැමි­ණිලි කරන්න එපා. කොළඹ සිට මර­ණ­යක් එනවා කියලා. ඒ අනුව රෝහලේ බල­ධා­රීන් විසින් විටින් විට පල­කළ අද­හස් මත අපට සැක­යක් ඇති වුණා.

රෝහල් සේව­ක­යන් ලබා දුන් පර­ස්පර ප්‍රකාශ ඔස්සේ ඇති වූ තත්ත්වය සම්බ­න්ධ­යෙන් මාතර මහ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය උපාලි කරු­ණා­රත්න මහතා මෙසේ පැව­සීය.

Ò24 වැනිදා අලු­යම් කාලයේ තමයි මේ මව සිය මිය­ගිය දරුවා ප්‍රසූත කර තිබෙන්නේ. ප්‍රසූත කරන විට වයස සති තිස්හ­යක් වෙච්ච කල­ලය තර­මක් නරක් වී තිබුණා. 25 වැනිදා පෙර­ව­රුව වන විටත් බිලි­ඳාගේ මළ සිරුර රෝහලේ මෘත­ශ­රී­රා­ගා­රයේ තිබුණා. බිලි­ඳාගේ සිරුර භාර­ගැ­නීම සඳහා 24 දින ඥාතින් කිසි­වකු ඉදි­රි­පත් වෙලා තිබුණේ නැහැ. 25 වැනිදා පස්ව­රුවේ තමයි ඥාතීන් ඇවිත් මළ­සි­රුර ඉල්ලා තිබෙන්නේ. රෝහලේ සාය­නික අප­ද්‍රව්‍ය බැහැර කිරීම සිදු කරන ලොරිය පැමි­ණෙන්නේ සති දෙක­කට සැර­යක්. 25 වැනිදා එම ලොරිය පැමි­ණිලා තිබෙ­නවා. මළ­සි­රුර ඥාතීන්ට අවශ්‍ය බවට නිසි සන්නි­වේ­ද­න­යක් රෝහල් කාර්ය මණ්ඩ­ලය අතර සිදු වී නැති තත්ත්ව­යක් මත බිලි­ඳාගේ මළ­සි­රු­රත් ඒ වන­විට භාර­ක­රු­වන් නැති අනෙ­කුත් සිරුරු සමඟ අදා­හ­නය කිරීම සඳහා රැගෙන යන එම ලොරිය වෙත රෝහල් මෘත­ශ­රි­රා­ගා­ර­යෙන් මුදා හැර තිබුණා. 25 වැනිදා පස්ව­රුවේ ඥාතීන් ඇවිල්ලා බිලි­ඳාගේ මර­ණය ඉල්ලා සිටි වෙලාවේ සිටිය සේව­කයා සිරුර ලොරි­යට භාර­දීපු බවක් දැන­ගෙන ඉඳලා නැහැ. ඔහු කියලා තිබෙ­නවා සිරුර දෙන්න නම් අවශ්‍ය ලිය­කි­ය­විලි ටික රැගෙන එන්න කියලා. ඒ ඥාතීන් අවශ්‍ය ලිය­කි­ය­විලි ටික රැගෙන එන­කොට සිරුර ලොරි­යට භර­දීලා ඉව­රයි. පසුව ඥාතීන් සිරුර දෙන ලෙස කළ ඉල්ලීම මත බිලි­ඳාගෙ මළ­සි­රුර නැවත ලොරියේ සිට ගෙන්වා­ගෙන ඔවුන්ට භාර­දී­මට කට­යුතු කළත් එම මළ­සි­රුර භාර­ගැ­නී­මට ඔවුන් අක­මැති වෙලා තිබෙ­නවා. ඔවුන් එම අව­ස්ථා­වේදි ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යක් කර ගැනී­මට මළ­සි­රුර දිය හැකිද යන්න ඥාතීන් විම­සුව අව­ස්ථා­වේදි කොට­විල රෝහල භාරව ඉන්න නියෝජ්‍ය රෝහල් අධ්‍ය­ක්ෂ­තුමා පවසා තිබෙ­නවා ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යක් කර­ගැ­නී­මට මළ සිරුර පිට­තට ගෙන­යෑ­මට දිය නොහැකි බවත් එසේ කරන ආය­ත­න­ය­කින් පැමිණ ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යක් කිරීම පිළි­බ­ඳව විරු­ද්ධ­ත්ව­යක් නැතැයි කියාය. එහෙ­මත් නැති­නම් උසාවි නියෝ­ග­යක් මාර්ග­යෙන් ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යක් කර­න්න­යැයි නියෝග කළොත් රජය මඟින් එම ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණය කර දෙනවා කිය­ලත් ඒ අයට කියා තිබුණා. ඒ අනුව ඉදිරි කට­යුතු සිදු වෙන­කම් බිලි­ඳාගේ සිරුර කොට­විල රෝහලේ තියන්න පහ­සු­කම් නැති නිසා මාතර මහා රෝහලේ මෘත ශරී­රා­ගා­රයේ තැන්පත් කර තබන්න අපි තීර­ණය කළාÓ

මේ සිදු­වීම අතරේ මිය­ගොස් සිටි බිලි­ඳාගේ ඥාතීන් විසින් කොට­විල පොලි­සි­යට කරන ලද පැමි­ණි­ල්ලට අනුව පොලි­සිය විසින් අධි­ක­ර­ණය වෙත කරුණු වාර්තා කිරී­මෙන් පසු මාතර ප්‍රධාන මහේ­ස්ත්‍රාත් අරුණ ඉන්ද්‍ර­ජිත් බුද්ධ­දාස මහතා විසින් මේ සිරුර සම්බ­න්ධ­යෙන් ඩී.එන්.ඒ. පරී­ක්ෂ­ණ­යක් කරන ලෙස 27 වැනි දින සවස නියෝග කර ඇත.

ඒ අනුව 28 වැනි දින ඒ සඳහා අවශ්‍ය සාම්පල ලබා ගැනීම හා බිලි­ඳාගේ මර­ණය පිළි­බ­ඳව පශ්චාත් මරණ පරී­ක්ෂණ කට­යුතු මාතර අධි­ක­රණ වෛද්‍ය නිල­ධාරී විසින් සිදු කර තිබිණි.

මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් මේ වන විට කොට­විල පොලි­සිය සහ සෞඛ්‍යය දෙපා­ර්ත­මේ­න්තුව පරී­ක්ෂණ පව­ත්ව­මින් සිටින අතර ඉන් ඉදි­රි­පත් වන කරුණු අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT