Local

ශිරාන් බාසික් නිදොස් කොට නිදහස් කෙරේ

Friday, 15 March 2024 - 7:19 am

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව පැවසූ මොහොමඩ් ශිරාන් බාසික් නැමැත්තා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය (14) නියෝග කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලබාදුන් සාක්ෂිවල ඇති බලවත් පරස්පරතා හේතුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කරන බවයි මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න නියෝග කර තිබෙන්නේ.

සැකකරු 2011 වසරේ ජනවාරි මස 11 වනදා කිරුළපන එඩ්මන්ටන් නිවාස සංකීර්ණය අසළදී හෙරොයින් ග්‍රෑම් 4.53ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගත් බවට පැමිණිල්ලේ දැක්වූ අතර, ප්‍රථමයෙන් සඳහන් කර තිබුණේ ඔහු තනිව අත්අඩංගුවට ගත් බවට වුවද, පසුව අදාළ පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ ඔහුගේ දරුවා සමග සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

එසේම තමාට ලද දුරකථන ඇමතුමකට අනුව අදාළ වැටලීම කළ බවට පොලිස් නිලධාරියෙකු විසින් අධිකරණය හමුවේ පවසා තිබුණද, එම දුරකථන අංකය වසර එකහමාරකට පමණ පෙර විසන්ධි කර ඇති බවට සාක්ෂි සහිතව විත්තියේ නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දී තිබෙනවා.

එම සාක්ෂි අනුව විත්තිිකරු වරදකරු කිරීම නුසුදුසු බවට විනිසුරුවරයා එහිදී නිගමනයකට එළඹ තිබු අතර, විත්තිකරු ඩුබායි රාජ්‍යයට පළාගොස් තිබීම හේතුවෙන් ඔහු නොමැතිව සාක්ෂි විභාගය පැවැත්විණි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT