මුතූර් - දාහානගර් ගම්මානයේ දී කාන්තාවන් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අදාළ කාන්තාවගේ 15 වියැති මිණිබිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නිවසක තිබී තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කළ කාන්තාවන් දෙදෙනෙකුගේ මළ සිරුරු අද අලුයම සොයාගත් අතර අවුරුදු 68 සහ 74 යන වයස්වල පසුවන සහෝදරියන් දෙදෙනෙකුගේ සිරුරු මෙලෙස සොයා ගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.