Local

මත්පෙති ජාවාරමුන් අත්අඩංගුවට ගත් පසු ආණ්ඩුකාරවරයා පොලිසියට..

Monday, 16 September 2024 - 11:47 am

ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ මහතා මහියංගන පොලිසියට පැමිණ යම් උණුසුම්කාරී කලාකාරී තත්වයක් ඇතිකර තිබෙන බව වාර්තා වෙයි.

ඒ මත්පැති ජාවාරම් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ගැනීමේදී ඊට බාධා කල කාන්තාවක් කල දැනුම් දීමක් මතයි.

අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගන රජමහා විහාරයේ පෙරහර මංගල්‍යයට සමගාමීව පැවති සැණකෙළියක් අතරතුරේදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ සහෝදරියන් හා ඥාති කාන්තාවන් පිරිසක් පොලිස් රාජකාරියට බාධා කරමින් හැසිරී තිබේ.

එහි සිටි එක් කාන්තාවක් ඌව පළාත් ආණ්ඩුකාරවරයාට දුරකථනයෙන් අමතා තමන්ව අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව දැනුම් කල දැනුම් දීමකට අනුව ආණ්ඩුකාරවරයා පොලිසියට පැමිණ මේ පිළිබඳව විමසා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කලක් තිස්සේ මෙම ජාවාරම සම්බන්ධයෙන් සොයමින් සිටි අය බවත් පොලිසිය පැවසීමේදී ආණ්ඩුකාරයා දන්වා ඇත්තේ රාජකාරී කිරීමේදී අදාළ නොවන පුද්ගලයන්ට බලපෑම නොකරන බවයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT