Local

බලු සුරතලා ඉස්සූ හොරා අල්ලන්න සීසීටීවී කැමරා පීරයි

Monday, 15 January 2024 - 11:16 am

අම්බලන්ගොඩ, බටපොළ ප්‍රදේශයේ නිවසක ඇති දැඩි කරන ලද සුරතල් බලු පැටියෙකු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධව ලැබුණ පැමිණිල්ලකට අනුව බලුපැටියා රැගෙන ආවේ යැයි කියන ස්ථානයක සීසීටීවී කැමරා දර්ශන පරීක්ෂා කිරීමට අධිකරණයේ අවසරය ලබා ගැනීමට කටයුතු කරන බව බටපොළ පොලිසිය ඊයේ (14) ප්‍රකාශ කළේය. බටපොළ, කල්‍යාණතිස්ස මාවතේ පදිංචි එම්.එච්. අමල් (38) නමැති අයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව බටපොළ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. රුපියල් ලක්ෂයකට (1,00,000/-) අධික වටිනාකමකින් යුත් මෙම සුරතල් බලු පැටියා ඇති දැඩි කළ බටපොළ කල්‍යාණතිස්ස මාවතේ පාසැල ආසන්නයේ නිවසින් පසුගියදා (07) අතුරුදන් වී තිබුණි.

අතුරුදන් වූ බලු පැටියා සොයාදෙන අයෙකුට රුපියල් 50,000ක මුදල් ත්‍යාගයක් පිරිනමන බව බලුපැටියාගේ ජායා රූපද සහිතව මුහුණ පොතේ පළ කරන ලද විස්තරයකට පිළිතුරු ලබා දී ඇති අයකු පවසා ඇත්තේ මෙම බලුපැටියා සිකුරාදා (12) උදේ ත්‍රිරෝද රථයකින් බද්දේගම, නයාපාමුල ඉන්ධන පිරවුම්හලට රැගෙනවිත් තිබූ බව තමන් දුටු බවත් ය. මෙම බලු පැටවා නැතිවීම සම්බන්ධයෙන් බලුපැටියාගේ හිමිකරු මුහුණුපොතේ සඳහන් කරන ලද විස්තරයට ලැබුණ ප්‍රතිචාර අනුව නයාපාමුල ඉන්ධන පිරවුම් හළේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමට කටයුතු කරන බව බටපොළ පොලිස් ස්ථානාධිපති ජනක සම්පත් මහතා ප්‍රකාශ කළේය.

ඉන්ධන පිරවුම්හලේ හිමිකරු විසින් පළමුවෙන් ප්‍රකාශ කර ඇත්තේ පසුගිය සිකුරාදා (12) දින එම දර්ශන ලබාදෙන බවයි. නමුත් පසුගියදා (12) උදෑසන එම දර්ශන ලබා ගැනීමට ගිය අවස්ථාවේදී තෙල් සංස්ථාවේ අවසරයකින් තොරව මෙම දර්ශන ලබා දිය නොහැකි බව ප්‍රකාශ කළ බවත් ඉන්ධන පිරවුම් හලේ හිමිකරුගේ දුරකතන අංකය සේවකයින් සතුව නොමැති බව එහි කළමනාකරු ලෙස පෙනී සිටි අයකු ප්‍රකාශ කළ බවත් පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.

බටපොළ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක සම්පත් මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT