ජාතික ජන බලවේගයේ රජයක අමාත්‍ය තනතුරක් සඳහා ඇරයුමක් ලැබෙන හෝ ඒ පිළිබඳව අධ්‍යයනය කළ යුතු බව දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
‘මම සහභාගි වු රැස්වීම් කිහිපයකදී ජනතාවගේ අපේක්ෂාව වුනෙත් ඒකමයි. ඇමැති තනතුරු ලබාගත යුතු නෑ කියල පසුගිය කාලේ මතයක් තිබුණා. දේශපාලන විසදුමක් ලබා දෙන තුරු මධ්‍යම රජයේ සාමාජිකත්වය ලබා නොගත යුතුයි කියලා අදහසකුත් තිබුණා. නමුත් 1965දී අපේ නියෝජිතයන් අමාත්‍ය ධුර දරලා තියෙනවා. කාලය වෙනස් වෙනවා. ඒ නිසා එවැනි අවස්ථාවක් ලැබුණොත් ඒ පිළිබඳව අධ්‍යයනය කළ යුතු බවයි මගේ ස්ථාවරය.
අවුරුද හයකට පෙර මැයි දිනේදී යාපනයේ අනුර කුමාර දිසානායක සමඟ රතු පටි ඇඳගෙන පා ගමන් ගිය ඡායාරූප දැනුත් තියෙනවා. නමුත් අමාත්‍ය දුර ඉලක්ක කරගෙන අපි ඔහු සමග ඡායාරූප ගන්නේ නැහැ’
යාපනයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.