Local

ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන IMF සතුටින්

Thursday, 18 January 2024 - 7:56 pm

ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සිය මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරමින් සිටින ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය පිළිබඳ සතුටට පත්වන බවත්, ඒවා නොවෙනස් ව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අවධාරණය කළ බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ එහි දී අදාළ ප්‍රතිසංස්කරණ සහ ඒවායේ කාල රාමු පිළිබඳ වැඩි දුරටත් සාකච්ඡා කළ බවයි.

මෙරට සංචාරයක නිරත ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ කණ්ඩායම සමඟ IMF වැඩසටහන පිළිබඳ, අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සමාලෝචන රැස්වීමේ දී මෙම අදහස් පළ විය.

කුමන පාර්ශ්වයක් බලයට පැමිණිය ද මෙම ප්‍රතිසංස්කරණ රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා අවශ්‍ය බව පෙන්වා දුන් එම දූත පිරිස කියා සිටියේ තමන් මේ බව පක්ෂ විපක්ෂ සියලු පාර්ශ්ව වෙත දන්වා සිටින බවයි.

එහි දී ධූත පිරිස සිය උතුරු සහ නැගෙනහිර සංචාරය පිළිබඳව ද අදහස් පළ කර අතර ඔවුන්ගේ මෙම ක්‍රියාවලියේ කොටස්කරුවන් බවට පත් කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT