Local

ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිඳු අදහසක් නෑ – ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන්

Monday, 27 November 2023 - 8:11 pm

ජලයේ ගුණාත්මකභාවය රැකගැනීම සහ පිරිවැය අඩු කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයක් ඇති කිරීමට රජය සැලසුම් කර ඇති නමුත් ජලය විකිණීමට හෝ පෞද්ගලීකරණය කිරීමට කිසිඳු අදහසක් නොමැති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ තිරසරභාවය පවත්වාගෙන යාම සඳහා ජල ගාස්තු සඳහා සූත්‍රයක් අවශ්‍ය බවත් එම සූත්‍රය සැකසීම පිළිබඳ සාකච්ඡා දැනට සිදුවෙමින් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
යෝජිත ජල ගාස්තු සූත්‍රයේ අවසන් කෙටුම්පත දෙසැම්බර් මාසයේදී සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවත් එමඟින් පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් සඳහා සාධාරණ මිල ගණන් යටතේ ජල සැපයුම සහතික කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
වාණිජ ආයතන සඳහා ජල ගාස්තු සූත්‍රය බලපාන ආකාරය පිළිබඳ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙන බව ද ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවේය.
ආර්ථික අර්බුදයේ බලපෑම හේතුවෙන් විදේශීය මෙන්ම දේශීය අරමුදල් සපයා ගැනීම දුෂ්කර වී ඇති නමුත් අතරමැද නැවතී තිබෙන ව්‍යාපෘති අවසන් කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බව ද සඳහන් කළ ජීවන් තොණ්ඩමන් අමාත්‍යවරයා සැලසුම් කර තිබෙන නව ව්‍යාපෘති ජනවාරි මාසයේදී ආරම්භ කරන බව ද පැවසීය.
පිරිසිදු ජලය සඳහා ප්‍රමාණවත් ප්‍රවේශයක් නොමැති ප්‍රදේශවල කාර්යක්ෂම ජල සංරක්ෂණයක් ඇති කිරීම සඳහා රජය කැපවී සිටින බව අවධාරණය කළ අමාත්‍යවරයා යාපනයේ ලවණ ඉවත් කිරීමේ කම්හලක් සැලසුම් කර තිබෙන බව ද සඳහන් කළේය.
ජල සම්පාදන මණ්ඩලය දේශපාලනීකරණය වී තිබෙන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ ජීවන් තොණ්ඩමන් මහතා ආයතනයේ ප්‍රධාන තනතුරු සඳහා පත්කිරීම් සිදු කිරීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදුවන ආකාරය ද පැහැදිලි කළේය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT