Local

ශ්‍රී ලාංකිකයන්ට කිසිම හානියක් නෑ – රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ

Monday, 25 March 2024 - 8:00 am

රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ රංග ශාලාවකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් නැතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිනි මහාචාර්ය ජනිතා ලියනගේ(24) පැවසුවාය.

උසස් අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළුව ශ්‍රී ලාංකිකයන් මොස්කව් නගරයේ සහ ඒ ආසන්නයේ රැඳී සිටින නමුත් ඔවුන් කිසිවෙකුටත් මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් හානියක් සිදුව නොමැති බවද එසේ වුවද රුසියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලන බවද කළාය.

රුසියාවේ මොස්කව් නුවර ආසන්නයේ ක්‍රොකස් නගර සභා රඟහලට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකා තානාපතිවරිය මේ බව සඳහන් කළාය.

එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 150කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ප්‍රහාරයට සැකපිට 11 දෙනකු මේ වනවිට අත්අඩංගුවට ගැනීමට රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය සමත්ව තිබේ. එලෙස අත්අඩංගුවට සැකකරුවන් 11 දෙනාගෙන් 4 දෙනකු රඟහලේ සිටි පුද්ගලයන්ට වෙඩි තැබූ අය බව රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය ප්‍රකාශ කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද ෆෙඩරල් ආරක්ෂක සේවය පවසයි.

මේ අතර රුසියාවේ මොස්කව් නුවර රංග ශාලාවකට එල්ලවූ මෙම බිහිසුණු ත්‍රස්තවාදී ප්‍රහාරය තරයේ හෙළා දකින බව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

සිවිල් වැසියන්ට එරෙහි මෙවැනි නිවට ප්‍රචණ්ඩ ක්‍රියා පිළිකුල්සහගත වන අතර ශිෂ්ට සමාජය තුළ එවැන්නකට ඉඩක් නොමැති බව පෙන්වා දෙන එම අමාත්‍යාංශය ශ්‍රී ලංකා රජය සහ ජනතාව විපතට පත්වූවන්ගේ පවුල්වලට, මහජනතාවට සහ රුසියානු සමූහාණ්ඩුවේ රජයට ශෝකය ප්‍රකාශ කරන බවද ත්‍රස්තවාදය එහි සියලු ආකාරවලින් සහ ප්‍රකාශනයන්ගෙන් පැහැදිලිවම හෙළා දැකිය යුතු අතර මුලිනුපුටා දැමිය යුතු බවද කියා සිටී.

ත්‍රස්තවාදයට එරෙහි ගෝලීය සටන සඳහා ශ්‍රී ලංකාව සිය කැපවීම යළි තහවුරු කරන අතර සාමයට සහ ආරක්ෂාවට ඇති මෙම බරපතළ තර්ජනයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බවද තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවද ශ්‍රී ලංකා රජය පවසයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT