අවසානයේ සොරුන් පිරිස ජයග්‍රහණය කළ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.
අමාත්‍ය ධූරයේ සිටිමින් මෙම දූෂණය නැවැත්වීමට හෝ ජනාධිපතිවරණයේදී ඉවර කරන බවට තමන් විසින් ප්‍රකාශ කළ බවත්, එලෙසින්ම ඊළඟ ජනාධිපතිවරණයේදී දූෂණය ඉවත් කිරීමට කටයුතු කරන බවයි හිටපු අමාත්‍යවරයා සඳහන් කළේ.
හොඳ කටයුතු සඳහා සහයෝගය ලබාදෙන බවත්, තමන් දේශපාලන වශයෙන් තීන්දුවක් ගෙන නොමැති බවද ඔහු සඳහන් කළා.
හොරකමට දූෂණයට එරෙහිව කටයුතු කළ පසු තමාව ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත්, ඇමතිකම රැක ගැනීමට තමන් නායකයන්ට එහෙයි කියා අත එසවීමට කටයුතු කර නොමැති බවයි හිටපු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.