ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්රකාශයට පත් කිරීමේ උත්සවය බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ නෙළුම් පොකුණ රඟහලේ පැවැත්වීමට කටයුතු යොදා තිබූ උත්සවය සඳහා අවසරය නොලැබීම හේතුවෙනි.
ඒ අනුව අදාළ උත්සවය හෙට පෙරවරුවේ පොදු ජනපෙරමුණ මුලස්ථානයේදී පැවැත්වීමට සංවිධානය කර ඇත.
මැතිවරණයක් පැවැත්වීම හේතුවෙන් නෙළුම් පොකුණ රඟහල මැතිවරණ ප්රචාරක කටයුතුවලට ලබා නොදීම මත මෙම පියවර ගෙන තිබේ.