Local

අතුරුදහන්වුවන්ගේ පවුල් උදවියට යුක්තිය ඉටුකරන බවට ඇමති සබ්රිගෙන් සහතිකයක්

Wednesday, 28 August 2024 - 8:39 pm

මේ දක්වා පුද්ගලයින් දා හතර දහස් පන්සීයයක් අතුරුදහන්ව තිබෙනවා. අතුරුදහන් තැනැත්තන්ට සාධාරණය ඉටු කිරීම සදහා පවතින යාන්ත්‍රණය තුළින්ම එම ජනතාවට පිළිතුරු ලබා දිය යුතුයි. ඇතැම් අය අතුරුදහන් වු ජනතාවට පවතින ගැටළු දේශපාලන අරමුණු වෙනුවෙන් භාවිතා කරනවා. උතුරේ හෝ දකුණේ මේ කොතැනක සිටියත් ශ්‍රී ලාංකිකයින් බව වටහා ගත යුතුයි. ඔවුන්ට පවතින ගැටළු විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතාවලට භාවිතා කිරීමට ඉඩ ලබා නොදිය යුතුයි. යුද්ධයට සම්බන්ධව සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දොලොස් දහස් නවසීයක් ක් රජය විසින් පුනරුත්ථාපනය කර නිදහස් කළා. ඒ අය නැවතත් ත්‍රස්තවාදී කටයුතු සදහා සම්බන්ධ වුණේ නැහැ.

තම ඥාතීන් අතුරුදහන් වීම හේතුවෙන් අසහනකාරී තත්වයට පත්ව සිටින අයගේ හඩට කන්නොදී ඉදිරියට යා නොහැකි බව වටහා ගත යුතුයි. මේ සදහා අතුරුදහන් වු තැනැත්තන් සදහා වු කාර්යාලයට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා.

සත්‍ය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය පිහිටුවීම මගින් අතුරුදහන් ජනතාවට සාධාරණය ඉටු කර ගැනීම සදහා තවදුරටත් අවස්ථාව ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ කටයුතු සදහා අන්තර්ජාතික ප්‍රජාව ලබා දෙන තාක්ෂණික සහයෝගය අගය කරනවා. ඒ වෙනුවෙන් ගෞරවය පුද කරනවා. නමුත් ඔවුන් අපේ රටේ අභ්‍යන්තරව කටයුතුවලට බලපෑම් නොකළ යුතුයි. මිලියන 22 ක් වු ශ්‍රි ලාංකීය ජනතාවට සාධාරණය යුක්තිය ඉටු කිරීම අපගේ අරමුණ බවද අමාත්‍යතුමා සදහන් කළේය.

මෙම අවස්ථාවට අතුරුදහන් වු තැනැත්තන් සදහා වු කාර්යාලයේ සභාපති, නීතිඥ, මහේෂ් කටුලන්ද, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, නීතිපති, ජනාධිපති නිතීඥ පාරින්ද රණසිංහ, ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් Sandile Edwin Schalk, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිනී ආචාර්ය, Siri Walt, අතුරුදහන් වු තැනැත්තන් සදහා වු කාර්යාලයේ විධායක අධ්‍යක්ෂ, ජේ.තත්පරන් මහත්මා ඇතුළු රාජ්‍ය ආයතන නිලධාරීන් හා අතුරුදහන් වු තැනැත්න්ගේ ඥාතීන් පිරිසක් එක්ව සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT