Local

විදේශ අමාත්‍ය අලි සබ්‍රි ඊජිප්තුවේ චාරිකාවක්

Thursday, 08 August 2024 - 7:49 pm

ඊජිප්තු විදේශ අමාත්‍ය Badr Abdelatty මහතාගේ ආරාධනය මත ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා 2024 අගෝස්තු 07 සිට 09 දක්වා ඊජිප්තුවේ නිල සංචාරයක නිරතවන බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය සදහන් කරයි.

මෙම චාරිකාවේ දී අමාත්‍යවරයා, කයිරෝ හි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිය දූත පිරිස සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ඊජිප්තුවේ ආයෝජන සහ විදේශ වෙළෙඳ අමාත්‍යවරයා ද හමුවීමට නියමිතය. දෙරට අතර බහුවිධ සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් අමාත්‍ය සබ්‍රි මහතා ඊජිප්තු වාණිජ මණ්ඩල සම්මේලනයේ දී සාකච්ඡා කිරීමට සහ තවත් අමුත්තන් කිහිප දෙනෙකු හමුවීමට ද අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාව සහ ඊජිප්තුව අතර දීර්ඝ කාලීන සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීම මෙම චාරිකාවේ දී අපේක්ෂා කෙරේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT