Local

රජය ලබාදුන් පොරොන්දුවලින් බහුතරයක් ඉටුකර අවසන්

Tuesday, 19 March 2024 - 7:19 am

  • පාලම් 162ක් ලබන අගෝස්තු මාසයට පෙර ජනතා අයිතියට – පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය විසින් ලබාදුන් පොරොන්දුවලින් අති බහුතරයක් මේ වන විටත් ඉටුකර අවසන් බව පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.

ඉදිකරමින් පවතින පාලම් 162ක වැඩකටයුතු අවසන් කර එළඹෙන අගෝස්තු මාසයට පෙර ජනතා අයිතියට පැවරීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් (18) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය,

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු රජය විසින් ලබාදුන් පොරොන්දුවලින් අති බහුතරයක් මේ වන විටත් ඉටු කිරීමට අප සමත් වී සිටිනවා. මිලියන 16,000කට වැඩි ප්‍රමාණයක් වැයකර පාලම් 162ක් සදා නිමකරන බව අප විසින් පැවසුවා. එම පාලම්වලින් කොටසක් එළඹෙන අප්‍රේල් 10 වනදාට පෙර ජනතා අයිතියට පත් කිරීමට අප සූදානම්ව සිටිනවා. ඒ අනුව පාලම් 162ම ලබන අගෝස්තු මාසයට පෙර ජනතා අයිතියට පැවරීමට කටයුතු කරනවා.

එමෙන්ම සංචාරක ආකර්ශනය සහිත ස්ථාන දියුණු කිරීම සඳහා පාළාත් පාලන ආයතනවලට ලබාදුන් රුපියල් මිලියන 1000 ව්‍යාපෘතිය ද අගෝස්තු මාසය අවසන් වීමට පෙර අවසන් කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 29,000න් වැඩි ප්‍රමාණයක් ස්ථිර කර තිබෙනවා. තවත් නිලධාරීන් 2600ක ප්‍රමාණයක් ඉතිරිව සිටිනවා. පවතින පුරප්පාඩු සහිත ස්ථාන වෙනුවෙන් අයදුම් කරන ලෙස ද අප ඔවුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙම වසර තුළ විශ්‍රාම යන අය වෙනුවට PL 1-2 යන කොටස් සඳහා අතිරික්ත සේවකයන් බඳවා ගැනීම සඳහා අප අවසර ලබාදී තිබෙනවා.

තවද සියලුම අමාත්‍යාංශ යටතේ සිදු කරන සංවර්ධන කටයුතු ඉතාමත් කඩිනමින් අවසන් කිරීමට අප බලපොරොත්තු වනවා. පැවති අර්බුදකාරී තත්ත්වයෙන් රට ගොඩ එමින් තිබෙනවා. සෑම අංශයක් හරහාම ඒ බව පෙන්නුම් කරනවා. ඇතැම් පිරිස් රට යළි පැවති තත්ත්වයට ඇදදැමීමට කටයතු කරමින් සිටිනවා. එලෙස ක්‍රියාකරන කඩාකප්පල්කාරී පිරිස් සඳහා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා.


Top Stories
wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT