Local

සංවර්ධන නිලධාරීන් ගැන රජයෙන් ගත්ත තීරණය

Tuesday, 03 December 2024 - 7:51 pm

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට මතුවී ඇති ගැටලුවලට තිරසර විසදුම් ලබාදීම සඳහා අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් යුත් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

සංවර්ධන නිලධාරින් 15,800කට අධික සංඛ්‍යාවක් ජාතික පාසල්වල සහ පළාත් පාසල්වල මේ වන විට ඉගැන්වීම්වල නිරතව සිටිනවා.

ඒ අනුව සංවර්ධන නිලධාරීන්ගේ පරිපාලන කටයුතුවලදී මෙන්ම කාර්යසාධනය සම්බන්ධව වර්තමානයේදී උද්ගත වී ඇති විවිධ ගැටලු හඳුනාගෙන ඒවා විශ්ලේෂණය කර ඒ සඳහා තිරසර විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරියගේ සභාපතිත්වයෙන් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට නියමිතයි.

අමාත්‍යවරුන් / නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුවට සහායවීම පිණිස අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරි කමිටුවක් පත් කිරීමටත් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය හිමිව තිබෙනවා.

1994 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා අවස්ථා 07කදී විවිධ යෝජනා ක්‍රම මගින් රාජ්‍ය සේවයට බඳවාගත් සංවර්ධන නිලධාරින් ඇතුළුව මධ්‍යම රජයේ සහ පළාත් සභා යටතේ උපාධිධාරින් 150,000කට අධික සංඛ්‍යාවක් සේවයේ නියුතුව සිටිනවා.

සංවර්ධන නිලධාරින්ගේ හා ආශ්‍රිත සේවා ගණයන්හි සේවය කරන නිලධාරින්ගේ නිපුණතා හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ නිසි ඇගයීමක් සිදු නොකර රාජ්‍ය සේවයට බඳවා ගැනීම සිදු කර ඇති බව අමාත්‍ය මණ්ඩලයේදී පෙන්වාදී ඇති අතර ඔවුන්ට සේවාරම්භක හා සේවාස්ථ පුහුණු නිසිපරිදි ලබා නොදීම හේතුවෙන් හා විධිමත් පරිදි තනතුරට අදාළ කාර්යයන් සහ වගකීම පැවරීම සිදු නොකිරීම හේතුවෙන් එම නිලධාරින් වෙතින් අපේක්ෂිත කාර්යසාධනය ළඟා කරගැනීමට නොහැකි වී ඇති බවටත් අවධානය යොමුව ඇති බව සඳහන්.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT