Local

ජාත්‍යත්තර හරක් හොරකමක්.. හිටපු ඇමති හතරකට ලගදීම ජම්පර්…

Saturday, 26 October 2024 - 6:10 pm

විදේශයන්ගෙන් කිරිහරක් ගෙන්වීමේ ව්‍යාපෘතියකට මුවාවී සිදු කල මහා පරිමාණ මුදල් වංචාවකට සම්බන්ධ බව කියන හිටපු අමාත්‍යවරුන් හතර දෙනකුට විරුද්ධව නුදුරේදීම නඩු පැවරෙණු ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණරත්න මහතා සඳහන් කරයි.

ඩොලර් මිලියන 12 ක පමණ ක් වටිනා කිරි ගවයන් විදේශයන්ගෙන් ගෙන්වීමේ මහා පරිමාණ වංචාවකට සම්බන්ධයෙන් මෙම මැති ඇමතිවරුන්ට එරෙහිව නිවැරදිව නීතිය ක්‍රියාත්මක කරවීමට පියවර ගනු ඇති බවද හෙතෙම කියා සිටී.

ඊට සම්බන්ධ හිටපු මැති ඇමතුරුන් සිව් දෙනකුට පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක කර දඬුවම් ලබා දෙන බවත් ඔහු පැවසුවේය.

මෙම කිරිගව වැඩසටහන යටතේ ගවයන් විසි දහසක් ආනයනය කිරීමට නියමිතව තිබූ අතර පළමු පියවර යටතේ පන්දහසක් ගෙන්වා තිබූ බවත් පැවසූ ඔහු ඔවුන්ගෙන් දැනට ජීවත්ව සිටින්නේ ගවයන් තුන්සියයක් පමණක් බවත් ඉතුරු සියලු දෙනා මියගොස් ඇති බවත් කියා සිටියි.

එක ගවයකු විදේශයන්ගෙන් මිලදීගෙන ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක් පමණ වැය කර බවත් ගව මඩුවකට ගවයන් අලෙවි කරන මිලට වඩා වැඩි මිලක් ඊට වැය වී ඇති බවත් හෙතෙම පැවසුවේය.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT