Local

උඩත්තාපොළ උත්තුංගාරාමාධිපති හිමියන් ඝාතන තැත වරදී එල්ල කළ උණ්ඩය හාමුදුරුවන්ගේ ඇඳ උඩ

Friday, 26 January 2024 - 8:07 am

පන්සලේ අලුත්වැඩියාවක් ගැන දායකයකු හා කළ කතාබහ දුර ගිහින්

සැකේට ඇඳ මාරු කළ නිසා දිවි බේරෙයි

දොඩම්ගස්ලන්ද උඩත්තාපොළ උත්තුංගාරාම පුරාණ විහාරස්ථානයට දුරුතු ⁣පුන් පොහොය උදා වූ ඊයේ (25) අලුයම් කාලයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව මදුරාගොඩ පොලිසිය පැවසීය.

විහාරාධිපති ගල්නෑවේ පඤ්ඤාකිත්ති හිමියන් වැඩවසන කාමරයේ ජනේලයකට වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණද පඤ්ඤාකිත්ති හිමියන් එම අවස්ථාවේදී ලැගුම් ගෙයි වෙනත් ස්ථානයක සැතපී සිටි බැවින් උන් වහන්සේට හානියක් සිදුව නැති බවද පොලිසිය සඳහන් කළේය. පොලිස් පරීක්ෂණවලට අනුව රයිෆල් තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන අතර, එම වෙඩිල්ලට අයත් එක් උණ්ඩ කොපුවක් විහාරාධිපති හිමියන් සැතපෙන ඇඳට වැටී තිබියදී පොලිසියට හමුව තිබේ.

විහාරස්ථානයේ අලුත්වැඩියා කටයුත්තක් සම්බන්ධයෙන් විහාරස්ථානයේ දායකයකු හා විහාරාධිපති හිමියන් අතර වසරක පමණ කාලයක සිට අමනාපයක් පවතින බවත්ඒ සම්බන්ධයෙන් දෙදෙනා අතර පසුගිය දිනක ඇති වූ බහින්බස් වීමකින් පසුව තමන්ට ඔහු මරණීය තර්ජන එල්ල කළ බවත් පවසමින් හිමියන් මදුරාගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බවද වාර්තා වේ. එම පැමිණිල්ල අද (26) දිනයේ විභාගයට ගැනීමට නියමිතව තිබියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබිණ.

පඤ්ඤාකිත්ති හිමියන් සැතපෙන ඇඳ ඉලක්ක කර ජනේලය හරහා වෙඩි ප්‍රහාරය එල්ල කර තිබෙන අතර, එල්ල කර තිබූ මරණීය තර්ජනය නිසාම හිමියන් දින කිහියක සිටම වෙනත් ස්ථානයක රාත්‍රියේ සැතපීම හේතුවෙන් වෙඩි ප්‍රහාරයෙන් බේරී ඇති බව අනාවරණය විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පඤ්ඤාකිත්ති හිමියන්ට මරණීය තර්ජනය එල්ල කළ පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල දිසාව බාර නියොජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් අනුව මදුරාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරරත්න බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT