Local

පැහැර ගත් තරුණයෙක් පොලිස් මෙහෙයුමෙන් බේරා ගැනෙයි

Saturday, 13 April 2024 - 10:25 am

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවයේ නියුතු තරුණයෙකු පහර දී , සුදු පැහැති වෑන් රථයකින් පැහැර ගෙන ගොස් සිටි කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ රියැදුරන් දෙදෙනෙකු පසුගිය (11) වැනි  රාත්‍රී කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

කුරුණෑගල , මැල්සිරිපුර පදිංචි 22 හැවිරිදි මෙම තරුණයා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ කර්මාන්තශාලාවක සේවය කළ අයෙකි .

ඉකුත් 11 දින උදෑසන 09.30 ට පමණ කටුනායක , 18 කණුව වී මෝළ පාරේ හුදෙකලා ස්ථානයකට සුදු පැහැති වෑන් රථයකින් පැමිණි කටුනායක ගුවන් තොටුපොළ කුළී රථ රියැදුරුවරුන් දෙදෙනෙකු , මෙම තරුණයාට පහර දී , ඔවුන් පැමිණි වෑන් රථයට දමා ගෙන පළා ගොස් තිබේ .

මේ සිදුවීම දුටු ප්‍රදේශවාසීන් පිරිසක් මේ බව කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට දැනුම් දීමෙන් පසුව , වහාම ඔවුන් එම ස්ථානයට පැමිණ තිබේ .

පසුව එම ස්ථානය අවට ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කළ පොලිස් නිලධාරීන් , එම වෑන් රථය හදුනා ගෙන , එම රථයේ පැමිණි රියැදුරන් නවාතැන් ගෙන සිටි ආඩිඅම්බලම , පීල්ලවත්ත ප්‍රදේශයේ දෙමහල් කුළී නිවස වටලා තිබේ.

එම අවස්ථාවේ පැහැර ගැනීමට ලක් වූ තරුණයා පහර දී කාමරයක බැද දමා තිබූ අතර , මෙම පැහැර ගැනීම සිදු කළ රියැදුරුවරුන් දෙදෙනා හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව පොලිසිය පැවසීය .

මෙම පැහැර ගැනීමේ සිදුවීමේ ප්‍රධාන සැකකරු 33 හැවිරිදි දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් රියැදුරුවරයා 39 හැවිරිදි හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .

මොවුන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ තුළ කුළී රථ ධාවන කටයුතු වල නිරත වී සිටින අතර , ප්‍රදේශය පුරා හෙරොයින් බෙදාහැරීමේ ජාවාරමක ද නිරත වී සිටින අතර , මෙම හෙරොයින් බෙදාහැරීමේ ජාලයේ සිදු වූ සිදුවීමක් පිළිබඳව , වැරදීමකින් මෙම තරුණයා පැහැර ගෙන පහර දී තිබූ බව පොලිසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ .


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT