Local

එළැඹෙන යල කන්නයේ හෙක්ටයාර් 500ක කීරි සම්බා වගා ව්‍යාපෘතියක්

Sunday, 17 March 2024 - 8:08 am

එළැඹෙන යල කන්නයේ දී හෙක්ටයාර් 500ක කීරි සම්බා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා

අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් කීරි සම්බා වගා කිරීම සම්බන්ධව පැවති සාකච්ඡාවකදීයි අදාළ තීරණය ගෙන ඇත්තේ

මෙම ව්‍යාපෘතිය වී අලෙවි මණ්ඩලය, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ගොවි භාරකාර අරමුදල ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන බව සඳහන්.

එමෙන්ම දැනට කීරි සම්බා වගා නොකරන ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ද අමාත්‍යවරයා එහිදී උපදෙස් ලබා දී තිබෙනවා

ඒ අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ හා රත්නපුර දිස්ත්‍රික්කයේ උඩවලව කළාපයේ තෝරා ගන්නා කුඹුරු හෙක්ටයාර් 500ක කීරි සම්බා වගාව සිදු කරන අතර එම වගාව සඳහා තෝරාගන්නා ගොවීන්ට බිත්තර වී ඇතුළු පහසුකම් නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බව සඳහන්

එමෙන්ම පැරෂුට් තාක්ෂණය උපයෝගි කර ගනිමින් වගා කිරීමට නියමිත අතර කෘමිනාශක හා වල්නාශක මෙන්ම පොහොර යෙදීම ද ඩ්‍රෝන තාක්ෂණය උපයෝගි කර ගනිමින් සිදු කිරීමටයි සැලසුම් කර ඇත්තේ


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT