ඡන්දදායකයන්ගේ ස්වාධීන මතයට බලපෑම් වන මැතිවරණ සමීක්‍ෂණ, මැතිවරණ නීතිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
මෙවැනි සමීක්‍ෂණ සිදුකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ හැකි බවද හෙතෙම කීය.
ඡන්දදායකයන්ගේ ස්වාධීන මතයට බලපෑම් වන මැතිවරණ සමීක්‍ෂණ පැවැත්වීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවද ඒ මහතා කීය.
මේ පිළිබඳව ලැබෙන පැමිණිලි පිළිබඳව වහාම ක්‍රියාත්මක වන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.