Local

කැනඩා යන්න හිටි තරුණයාගේ මළ සිරුර වැවකින් මතුවෙයි

Thursday, 01 August 2024 - 9:48 am

මුලතිව් වවුනිකුලම්වැවේ තිබී  පසුගියදා  ( 31 )  දා  හමු වූ තරුණයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලි වී ඇත්තේ ඔහුගේ ගෙල සිරකොට මරා වැවට දමා ඇති බවයි.

කැනඩාවේ රැකියාවක් සදහා පිටත්ව යාමට බැංකුවකින් රුපියල් ලක්ෂ විස්සක මුදලක් රැගෙන යතුරු පැදියකින් එමින් සිටි මුලතිව් යෝගපුරම් මල්ලාවි ප්‍රදේශයේ ආනන්දරාසා ජීවන් ( 27) නමැති තරුණයාගේ මළ සිරුර වවුනිකුලම් වැවෙන් හමු වී තිබුණි.

ඔහුගේ සරමක් යතුරුපැදිය හා පාවහන් යුගලක් වැව් කණ්ඩියේ එක් ස්ථානයක තිබී හමු වූ අතර මරණය සම්බන්ධයෙන් පොලීසියට විශාල සැකයක් හටගෙන තිබූ  නිසා පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන්  මුලතිව් අධිකරණය දැනුවත් කොට තිබේ.

මළ සිරුර හදුනාගත් පවුලේ ඥාතීන්ද එම මරණය ගැන විශල සැකයක් පවතින බව මහේස්ත්‍රාත්පරීක්ෂණයේදී ප්‍රකාශ කිරීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණය මුලතිව් රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කොට ඇත.

එහිදී ඔහු වාර්තා කොට ඇත්තේ තරුණයාගේ මරණය ඔහුගේ ගෙල සිර කිරීමෙන් සිදුව ඇති අතර ඔහු මියයාමෙන් පසුව මළ සිරුර වැවට දමා ඇති බවත්ය.

අනතුරුව මුලතිව් මහෙස්ත්‍රාත් එස්.එච්.මැක්රූස් මහතා තරුණයාගේ මළ සිරුර අවසන් කටයුතු සිදු කිරීම පිණිස ඥාතීන් වෙත බාර දෙන ලෙසත් මේ ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් පොලීසියට නියෝග කොට තිබේ.

නාට්ටන්කන්ඩාල් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT