Local

මාලිමාව ණය ගැනීමෙන් සියළු ආණ්ඩු පරදන්නයි යන්නේ…

Saturday, 19 October 2024 - 6:37 pm

ජාතික ජන බලවේග ආණ්ඩුව නුදුරේදීම ණය ගැනීමෙන් පසුගිය සියලු ආණ්ඩු පරාද කරනු ඇති බව සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක හර්ෂද සිල්වා මහතා සඳහන් කරයි.

පසුගිය ආණ්ඩු විසින් ණය ගැනීම ඉතා දැඩිව විවේචනය කළ එම පක්ෂය ආණ්ඩු බලය ලබා ගැනීමෙන් අනතුරුව පසුගිය සියලු ආණ්ඩුවලට වඩා ණය ගන්නා නැඹුරුවක් පෙන්නුම් කරන බව හෙතෙම කියා සිටියි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

“අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ රජය විසින් දිගින් දිගටම ණය ගැනීම් සිදු කරනවා. මේ සම්බන්ධයෙන් දේශපාලන කෝණයෙන් එහා ගොස් යම් විග්‍රහයක් සිදුකිරීමට අවශ්‍යව තිබෙනවා. මුදල් බලය තිබෙන්නේ ජනාධිපතිවරයාට නෙවෙයි. මුදල්වල බලය තිබෙන්නේ ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවට. මුදල් බලය ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ තිබෙන මූලික ස්ථානය තමයි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව.

ඒ වගේම රජයේ එදිනෙදා වියදම් සඳහා මුදල් අවශ්‍යව තිබෙනවා. ඒ අවශ්‍ය මුදල් ලබා ගැනීමට මූලික වශයෙන් ක්‍රම දෙකක් තිබෙනවා. එකක් තමයි රජයේ බදු ආදායම් හරහා භාණ්ඩාගාර ගිණුමේ තිබෙන මුදල්. දෙවැනි ක්‍රමය ණය ලබා ගැනීම හරහා ලැබෙන මුදල්.

රජයේ භාණ්ඩාගාර ගිණුමේ තිබෙන මුදල් අතිරික්තයක් තිබෙනවා නම් ගෙවන්න තිබෙන ණය ගෙවීම සඳහා ඒ අතිරික්තයෙන් මුදල් භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. රජයට ලැබෙන ආදායම රජයේ සාමාන්‍ය වියදම එයින් අඩු කළාම ඉන්පසුව ඉතුරු වන ප්‍රමාණයෙන් පොලියත් අඩුකළාම යම් මුදලක් ඉතිරි වෙනවා නම් එය ප්‍රාථමික අතිරික්තය ලෙස හඳුන්වනවා. ප්‍රාථමික අතිරික්තය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට දෙකයි දශම තුනක අගයක් ලබාගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පසුගිය රජය එකඟ වී තිබෙනවා. ඒ නිසා මේ ප්‍රාථමික අතිරික්තය පසුගිය වසරේදීත්, මේ වසරේදීත් නිලධාරින් විසින් පවත්වාගෙන යනවා. ඒ නිසා රජය ගත්ත ණය ගෙවන්න තිබෙනකොට යම් ප්‍රමාණයක් ණය ගෙවීම සඳහා එම අතිරික්තයෙන් භාවිතයට ගන්නවා.

මේ සඳහා රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සම්මත කිරීම සඳහා පසුගිය රජය එම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විපක්ෂය ලෙස අපි එදා ඒ පනතට සහයෝගය ලබා දුන්නා. නමුත් අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස පාර්ලිමේන්තුවේ දී එම පනතට විරුද්ධ වුණා. නමුත් වර්තමාන රජය ඒ පනතට අනුව සහ එම පනතේ තිබෙන කොන්දේසි වලට අනුව තමයි අතිරික්තය පවත්වාගෙන ඉදිරියට ගමන් කරන්නේ.

ප්‍රාථමික අතිරික්තය මදිනම් සතියකට වතාවක් ණය ගැනීමට සිදු වෙනවා. ආණ්ඩුව ණය පියවීම සඳහා අලුත් ණයක් ගත යුතුයි. අලුතින් ණයක් ගැනීම සඳහා ක්‍රම දෙකක් පවතිනවා. එකක් තමයි ලන්සු ඉදිරිපත් කරලා වෙළඳ පොළෙන් ණය ලබාගත යුතුයි. එසේත් නැතිනම් මුදල් මුද්‍රණයකොට භාණ්ඩාගාරයට ලබා දෙන්න කියලා මහ බැංකුවට ප්‍රකාශ කළ යුතුයි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී තිබෙන කොන්දේසිවලට සහ මහා බැංකු පනත පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසුව මුදල් මුද්‍රණය කිරීමට නොහැකියි. මහ බැංකු පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමේදීත් අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස ඊට විරෝධය පළකළා. වර්තමාන ආණ්ඩුව මහ බැංකු පනත වෙනස් කරන බව සඳහන් කළත් ඔවුන් එවැනි දෙයක් සිදු කළේ නැහැ. ඒ අනුව මුදල් ලබා ගැනීමේදී මහා බැංකුවෙන් මුදල් ලබා ගැනීමට නොහැකියි. මුදල් ලබා ගැනීමට හැකියාව තිබෙන්නේ වෙළඳපොළෙන් පමණයි.

යහපාලන ආණ්ඩුව සමයේ ගත්ත ණය ප්‍රමාණයෙන් සියයට 89 දශම 9 ක් අරගෙන තිබෙන්නේ 2015ට කලින් ගත්ත ණයවල පොලිය ගෙවීම සඳහා. නමුත් ඒ සඳහා විවිධ කතා කියමින් මඩ ප්‍රහාර එල්ලකළා. පසුගිය ආණ්ඩුවට වඩා වර්තමාන ආණ්ඩුව ණය ලබාගන්න තත්ත්වයක් තමයි දැන් පෙනෙන්න තිබෙන්නේ. පරණ ණය පියවීම සඳහා සතියකට වතාවක් අලුරෑත් නයක් ගැනීමට සිදුවී තිබෙනවා. ඒ අලුරෑත් ණය ගැනීමේ ප්‍රමාණය අඩුකර ගැනීමට හැකියාව තිබෙන්නේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ශක්තිමත් කරගත්තොත් පමණයි.


Top Stories
wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

මිනිස්සු බලාපොරොත්තු වන්නේ අලුත් පක්ෂයක්. මෙතෙක් කල් ආණ්ඩුව කරපු දේවල් ගැන ජනතාව සෑහීමකට පත්වෙලා නැහැ.

wedivistara

පොලිසියෙන් අතිවිශේෂ ගැසට්ටුවක්

wedivistara

ජාතික පසු අස්වනු කලමනාකරණ ආයතනයෙන් පලතුරු, පල්ප හා ක්ෂණික පලතුරු බීම සැකසීමේ හා බෙදා හැරීමේ මධ්‍යස්ථානයක්

wedivistara

ජනපති අනුරගෙන් අනුදිට සුබ පැතුම්

Trending
wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

තුසිත හල්ලොලුවගේ වාහනයට වෙඩි තැබීමට අදාලව අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

wedivistara

හිටපු ජනපති මහින්ද සහ ගෝඨාභය නිළි රැජිනට අවසන් ගෞරව දක්වයි

wedivistara

පොල් මිල යළිත් ඉහළට

wedivistara

මතුගම ප්‍රාදේශීය සභාවේ තවත් 4ක් සජබට එක්වෙයි

wedivistara

දුමින්ද බන්ධනාගාර රෝහලට


NEWS ALERT