Local

අගෝස්තුවේදී පමණක් පොල් ගෙඩි කෝටි හතහමාරක් රට පටවලා..

Thursday, 14 November 2024 - 2:00 pm

මෙම වර්ෂයේ අගෝස්තු මාසයේදී පොල් ගෙඩි මිලියන 74.4ක් අපනයනය කොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කොට ඇති වාර්තාවක සඳහන් වේ.

පොල් අපනයනය කිරීමෙන් අගෝස්තු මාසයේ උපයාගෙන ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 42.6ක් බවද මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.

2023 වසරේ අගෝස්තුවේ පොල්ගෙඩි මිලියන 63.5ක් අපනයනය කොට තිබූ අතර එය 2024 වර්ෂයේ අගෝස්තු මාසයට සාපේක්ෂව සියයට 17.2ක වැඩිවීමකි.

2023 වර්ෂයේ අගෝස්තු මාසයේ පොල් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් මිලියන 31.8ක ආදායමක් උපයාගෙන ඇත.
එමෙන්ම මෙම වර්ෂයේ අගෝස්තු මාසයේ පොල් ගෙඩි මිලියන 296.1 ක් නිෂ්පාදනය කොට ඇත.

2023 වර්ෂයේ අගෝස්තු මාසයේ නිෂ්පාදනය කොට ඇති පොල් ගෙඩි ප්‍රමාණය මිලියන 275.9 කි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT