Local

පැරෂුට් අනතුරේ භටයින්ගේ තත්ත්වය බලන්න ජෙනරාල් ශවේන්ද්‍ර යයි

Tuesday, 30 January 2024 - 9:56 pm

නිදහස් සැමරුම් උත්සවයේ පුහුණුවීම් කටයුතු අතරතුර අනතුරට පත්වූ පැරෂුට්කරුවන්ගේ තත්ත්වය සොයා බැලීම සදහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදා රෝහලට පැමිණ සෙබළුන්ගේ සුව දුක් සොයා බැලීය.

අද (30) පෙරවරුවේ නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී රෝහල් ගත කළ අතර ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ගුවන් හමුදාව සදහන් කළේය.

අනතුරෙන් යුද හමුදාවේ පැරෂුට්කරුවන් දෙදෙනෙකු සහ ගුවන් හමුදාවේ පැරෂුට්කරුවන් දෙදෙනෙකු තුවාල ලැබීය.

තුවාල ලැබූ පැරෂුට් භටයින් සිව්දෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ සහ යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT