Local

විභාග වන නඩුවෙන් ගැලවෙන්න 119 ට 'උසාවියේ බෝම්බ' ඇමතුම දුන් මහනුවර රැකියා ජාවාරම්කරු සහ මිතුරාට තව නඩුවක්

Wednesday, 03 July 2024 - 9:00 pm

මහනුවර අධිකරණ සංකීර්ණය තුළ බෝම්බයක් ඇති බවට බොරු බියක් ඇති කරවීම නිසා ඊයේ (2) දහවල් හදිසියේම නඩු විභාග නතර කර අධිකරණ කාර්ය මණ්ඩලය සහ නඩු කටයුතු සඳහා පැමිණි ජනතාවද අධිකරණ සංකීර්ණයෙන් ඉවත් කරන ලදී. ඒ සමඟම මහනුවර පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ බෝම්බ නිෂ්ක්‍රීය අංශයද එම සංකීර්ණ භුමියට කැඳවා මෙහෙයුමක්ද දියත් කරනු ලැබූ නමුත් බෝම්බයක් හමුවූ‍යේ නැත.

 

මේ නිසා ඒ ව්‍යාජ ඇමතුම ලැබුණ ආකාරය ගැන‍ පොලිසිය විමර්ශනයක් කළ අතර එහිදී දැනගන්නට ලැබුනේ ඇමතුම දී ඇත්තේ  විදෙස් රැකියා සඳහා පුද්ගලයින් යවන බවට බොරු පොරොන්දුදී මුදල් ගසාකන ජාවාරම්කාර පුද්ගලයෙකු බවයි.ගිනිගත්හේන කඩවල පදිංචි මොහුට අදාළ වංචා නඩුව ඊයේ (2) විභාගයට ගැනීමට නියමිතව තිබී ඇති අතර ඔහු නඩුව විභාගවීම නවතන්නට 119 ට කථාකර 'නුවර උසාවියේ බෝම්බ පාර්සලයක් තියනවා.. විනාඩි 10කින් පුපුරනවා..දැන්ම ඇවිත් බලන්න'  යයි ඇමතුමක් ලබාදී ඇති බව පැවසේ.
 
ඔහුගේ ව්‍යාජ ඇමතුමට පසු ඔහු තම නීතීඥ මහතාටද දෙවන ඇමතුමක් ලබාදී 'වැඩේ හරි' යයි පවසා ඇති බව හෙලිව තිබේ.
මහජනතාවද අපහසුතාවට ලක්කරමින් නීතියෙන් පළායාමට බොළඳ උත්සාහයක යෙදුණ ඔහුගේ උත්සාහය තාවකාලිකව  සාර්ථකවූ අතර බෝම්බ බිය නිසා උසාවියේ වැඩ ඇණ හිටිණි. එසේම ඊයේට අයත් සියලු නඩු කටයුතු ලබන 16 වනදාට කල් තබන්නටද සිදුවිය.

කෙසේ වෙතත් සැකකරු හඳුනාගැනීම පොලිසියට මුලදී ව්‍යාකූල කාරණයක් විය.
ඊයේ උදේ 10ට පමණ 119 හදිසි ඇමතුම් අංශයට නිර්නාමික ඇමතුම ලබාදුන් ‍පුද්ගලයා සොයා ගිය පොලිසියට එම ඇමතුම දුන් අංකයේ සිම්පත අයත්ව සිටින්නේ වෙනත් පුද්ගලයෙකු බවත් ඔහු තමන්ගේ දුරකථනය දිනකට පෙර නැතිවූ බවත් පැවසීම නිසා මුලදී ලැබුණ තොරතුරු වල කිසියම් පරස්පරතාවයක් හඳුනාගන්නට ලැබිනි.
නමුත් වැඩිදුර විමර්ශනයේදී එකී සිම්පත පෙරකී වංචනික පුද්ගලයාගේ අසල්වැසි යහළුවෙකුගේ බව හඳුනාගන්නට ලැබිණි. තම යාළුවාගේ සිම්පතින් ඔහු උසාවි බෝම්බ කතාව නිර්මාණය කර ඇත්තේ යාළුවාද දැනුවත්ව බවට පසුව හෙළි විය.
 
 මහජනතාව මෙන්ම අධිකරණ කාර්ය මණ්ඩලයද නොසන්සුන්තාවකට පත් කළ සිදුවීමට අදාළ දුරකථන අංකය හිමි 58 හැවිරිදි පුද්ගලයා සහ ඇමතුම දුන් 53 හැවිරිදි වංචනික විදේශ රැකියා ජාවාරම්කරු මේවනවිට අත්අඩංගුවේ පසුවේ.
ඔවුන් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT